Oct
10
විභාග ප්‍රවේශපත්‍රය ඇදිරි නීති බලපත්‍රයක් ලෙස පිළිගැනීමටත් තීරණය කෙරේ
නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදි විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යත්ව සහ උසස් පෙළ අපේක්ෂකයින් සදහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථාන ගණන 12 ක්. අද පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත.
ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී උසස් පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිතව සිටි සිසුන් වෙනුවෙන්ද විශේෂ විභාග මධ්‍යස්ථාන 12 ක් පිහිටුවා තිබෙනවා.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සදහා පෙනී සිටින සිසුන්ට සිය විභාග ප්‍රවේශපත්‍රය ඇදිරි නීති බලපත්‍රයක් ලෙස යොදාගත හැකි බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.