Oct
21
හුදෙකලා ප්‍රදේශවල විදුලිබිලට වෙනදේ මෙන්න
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් හුෙදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට විදුලි බිල සම්බන්ධව සහනයක් ලබාදිය නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පවසයි.
පසුගිය මාර්තු අප්‍රේල් සහ මැයි මාස සඳහා සහන ලබාදීමේදී මණ්ඩලයට රුපියල් බිලියන හතකට ආසන්න පාඩුවක් සිදුවූ බැවින් සහ කාලාන්තරයක් විදුලි බිල සම්බන්ධ ගැටලුවක් පැවති බැවින් එම තීරණයට පැමිණි බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ නමුත් ඉදිරියේදී වසංගතය ක්‍රියාත්මක වන ආකාරය සහ පොලිස් බල ප්‍රදේශ හුෙදකලා කරන ආකාරය සලකා බලා එම තීරණය වෙනස් කිරීමට ඉඩ ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ශිරන්තනි මානවඩු