Oct 28

මෙරට ආසාදිතයින් 9000ත් පන්නයි, මරණ 19යි


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර නිර්මාණය වීමට යුක්රේන ගුවන් කණ්ඩායමක සබඳතාවක් ඇති බවට බුද්ධි අංශ බොහෝදුරට තහවුරු කරගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර මේ වන විට අසාදිතයන් 5000 ඉක්මවා ගොස් තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයින් 211 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අතරින් 202දෙදෙනෙකුම පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි.

සෙසු නවදෙනා හඳුනා ගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන වලින්.

නව කොවිඩ් 19 ආසාදිතයින් 457 දෙනෙකු ඊයේ වාර්තා වුණා.

ඒ අතරින් 447 දෙනෙකු මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර 10 ක් වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින්.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත පොකුරුවලින් මේ වනවිට වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5396 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 290 ක් වාර්තා වුණා.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කළේ කැළණිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 83 ක්, මහර ප්‍රදේශයෙන් ආසාදිතයින් 77 ක්, ජා-ඇල ප්‍රදේශයෙන් ආසාදිතයින් 72 ක් සහ බියගම සහ කටුනායක නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව වෛරසය ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගත් බවයි.

බියගම , මහර, සහ රාගම ප්‍රදේශවලින් වාර්තා වූ අසාදිතයන්ව කඩවත බස්නැවතුම්පොළට ගෙනවිත් ප්‍රතිකාර මධ්‍යසථාන වෙත මෙලෙස රැගෙන ගියා.

මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්බික්ස් කොවිඩ් පොකුර නිර්මාණය වීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ බුද්ධි අංශ වාර්තාව පිළබඳව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් පළ කළා.

මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර ඒ පිළිබඳ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිසපතිවරයාට ඊයේ දැනුම් දුන්නා.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාගෙන් විමසීමක් කළා.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 9081 ක්.

සුවය ලැබූ කොවිඩ් අසාදිතයින් ගණන 4075 ක් ලෙස සටහන් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 4776 ක්.

ඊයේ දිනයේ මරණ තුනක් වාර්තා වීමත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගියා.

කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී ජීවිත්ක්ෂයට පත් වූ ජා ඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයාගේ අවසන් කටයුතු කොළොන්නාව පොදු සුසාන භූමියේදී අද සිදුකෙරුණා.

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය සමඟ සෘජු සබඳතා පැවැත්වූ පුද්ගලයන් සහ ආශ්‍රිතයින් පිරිසකට පසුගිය සිකුරාදා සිදුකළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව පුද්ගලයින් 73 දෙනෙකුට කොවිඩ් 19 වැළඳී ඇති බව ඊයේ තහවුරු වුණා.

ඒ සමඟ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ඔවුන් රෝහල් කරා රැගෙන යාමට කටයුතු කළේ මෙලෙසින්.

රත්නපුර ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් කිහිපයකට දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා.

ඒ පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ගොස් මාළු රැගෙන ආ ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වැළඳී ඇති බව තහවුරු වීමත් සමගයි.

මේ අතර කහවත්ත - මාදම්පේ ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට කොවිඩ් ආසාදිත බව ඊයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.

ඔහුගේ දරුවා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අතර ඒ පිළිබඳ දැනුවත් කිරීමෙන් පසු දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ විභාගයට සහභගී කරවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කළා.

නිවසේ සිට කිලෝ මීටර් 7 ක පමරණ දුරින් පිහිටි පාසල වෙත දරුවා රැගෙන ඒමට ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ රථයක් යොදා ගැනුණු අතර රියදුරෙකු සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉදිරිපත් වී රථය පදවාගෙන පැමිණියා. .

ඒ අනුව ගොඩකවෙල නගරයේ පිහිටි පාසලේ වෙනම විභාග මධ්‍යස්ථානයකදී දරුවා විභාගයට පෙනී සිටියා.
ඊට විභාග පරීක්ෂකවරයකුද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තිබෙනවා.

පානදුර නගර සභා සභාපතිවරයාගේ රියදුරා කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමත් සමග නගර සභාව වසා දැමූ අතර ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කෙරුණා.

අදාළ රියදුරා පසුගිය දිනක පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ගොස් තිබෙනවා.

කෑගල්ල නගරය අවට ප්‍රදේශවලින් කොවිඩ් අසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සියළු දෙනාම මාළු ‍වෙළෙන්දන්.

කෙසේ වෙතත්, මාළු පරිභෝජනය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගන නොගත යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ අතර කොවිඩ් 19 රෝගීන් 11 දෙනෙකු වාර්තා වීමත් සමඟ හුදකළා කෙරුණු හැටන් නගර අද දිස් වූ ආකාරයයි මේ.

හැටන් නගරයේ විෂබීජහරණය කිරීමේ කටයුතුද අද සිදුවුණා.

මේ අතර නාවලපිටිය - උලපනේ- උඩගම ප්‍රදේශයේ පදිංචි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යාල සහයකයෙකුට වෛරසය වැළඳී තිබෙනවා.

ඔහු ඉකුත් 16 වැනි දින නිවාඩු ලබා පැමිණීමේදී පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ මාළු රැගෙන විත් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 15 දෙනෙකුට මේ වන විට කෝවිඩ් 19 වැළඳි තිබෙනවා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන මධ්‍යස්ථාන වෙත පොලිස් නිලධාරීන් 96 දෙනෙකු යොමු කර ඇති අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 708ක්.

කළුතර නාගොඩ රෝහලට ඇතුළත් වූ යුද හමුදා සිවිල් සේවකයෙකුට කොවිඩ් 19 වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ, ඔහු නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ දී පෙරේදා සිදුකළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුවයි.

මේ හේතුවෙන් නාගොඩ රෝහලේ ඔහු ප්‍රතිකාර ලැබූ කොටසේ රෝගීන් ඉවත් කර විෂබීජහරණයට ලක් කෙරුණා.

ආසාදිතයා රඹුක්කන ග්‍රාමීය රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඔහු කළුතර වාද්දුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.

බණ්ඩාරවෙල, හපුතලේ, දියතලාව, ඇල්ල, වැලිමඩ ආදී ප්‍රදේශවලින් කොවිඩ් 19 රෝගීන් හමුවීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් 98කගේ පී.සී.ආර් පරීක්ෂණ බණ්ඩාරවෙල දිසා රෝහලේදී සිදු කෙරුණා.

මේ අතර බණ්ඩාරවෙල දික්ආරව ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනයවී ඇති බව හඳුනා ගැනීමත් සමඟ අවට වෙළෙඳසැල්වල පුද්ගලයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් එම ස්ථානවලදීම නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොවිඩ් අසාදිතයින් 8 දෙනෙක් වාර්තා වනවා.

අද දිනයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී එම පොලිස් බල ප්‍රදේශයට සංචරණ සිමා පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

මේ අතර, ජනතාව දැනුවත් කිරීමේ මීටරෙන් ජීවිතේ වැඩසටහනය සමගාමීව පුත්තලම නගර සභාව මැදිහ්ත් වී පුත්තලම බස් නැවතුම්පොළ ඇතුළු පොදු ස්ථාන විෂභීජහරණය කිරීම සිදු කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.