Oct
28
ඔක්ස්ෆර්ඞ් කොරෝනා එන්නත සාර්ථකයි
කොරෝනා වෛරසයට එරෙහිව නිපදවනු ලැබූ ඔක්ස්ෆර්ඞ් වැක්සිනය සාර්ථක ප‍්‍රතිඵල ලබාදෙන බව සායනික පරීක්ෂාවන්ට අනුව හෙළිව තිබේ.
බි‍්‍රතාන්‍ය ඔක්ස්ෆර්ඞ් සරසවිය මෙන්ම මෙම පර්යේෂණ එන්නත නිපදවීමට දායකත්වය ලබාදෙන ඇස්ටා සෙනෙකා ඖෂධ සමාගමද පවසන්නේ මෙම වැක්සිනය, වියපත් වූවන් සම්බන්ධයෙන් මෙන්ම යොවුන් වියේ පසුවන්නන් සම්බන්ධයෙන් ද සාර්ථක ප‍්‍රතිඵල ලබාදෙන බවයි.
ඔක්ස්ෆර්ඞ් වැක්සිනය ඉදිරියේදී වෙළඳපොළට නිකුත් කිරීමේ කටයුතු සූදානම් වෙමින් පවතින අතර එය 2021 වසරේ පළමු භාගයේදී එය යථාර්ථයක් වනු ඇතැයි බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැනොට් පවසා තිබේ.
චතුර පමුණුව