Oct 09

Toyota කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවට


කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආයෝජනය පිණිස ජපන් ආයෝජකයන් ඉදිරිපත්ව සිටීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බවත් අප රට කෘෂිකර්මාන්තය පදනම් කරගත් රටක් බැවින් අගය එකතු කරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත සඳහා ජපන් ආයෝජකයන්ට ඇරයුම් කර සිටින බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (08) කොල්ලුපිටිය, ගාලු පාර, 73/1 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී ඒ මහතා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික - ආගමික වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවැති සබඳතාව පිළිබඳව මෙහි දී සිහිපත් කළ ජපාන තානාපතිවරයා, අද ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනට සහයෝගය ලබා දීමට ජපාන ආයෝජකයන් හා ආයතන ඉතා කැමැත්තෙන් සිටින බව මෙහි දී පැවසීය. ශ්‍රී ලංකාවට පැමිණෙන ජපාන ආයෝජකයන් සඳහා දිය හැකි උපරිම සහන ලබා දීමට කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් වන බව ද අමත්‍යවරයා ඊට පිළිතුරු වශයෙන් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය සීමා කිරීම වසර 10ක් අඛණ්ඩව පවත්වා ගෙන ගියහොත් මෙරට තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට හැකි බවට ටොයොටා ලංකා සමාගමේ නියෝජිතයන් තමන් හමු වී පැවසූ බව මෙහි දී අමාත්‍ය විමල් වීරවංශ මහතා ජපාන තානාපතිවරයාට සිහිපත් කළේය. ජපාන තානාපති සුගියාමා අකිරා මහතා පවසා සිටියේ ජපානයේ ටොයොටා මව් සමාගම සමඟ ද සාකච්ඡා කොට ඒ පිළිබඳව ධනාත්මක තීරණයක් ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසන බව ය.

මෙම අවස්ථාවට ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම්, දේශපාලන අංශයේ ප්‍රධානී ඔසාකි ටකෙෂි සහ තෙවන ලේකම්, (සංස්කෘතික සබඳතා සහ රාජ්‍ය සබඳතා) කවකාමි අෂූසා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් අනුෂ්ක ගුණසිංහ යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.