Oct 09

මිනුවන්ගොඩ සේවිකාවක් සැඟවී සිටියදී පොලිසියෙන් සොයා ගැනේ


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කාර්මාන්ත ශාලාවේ සේවය කර ඊයේ (08) දින තම නිවසට පැමිණ සැගවි සිටි සේවිකාවක් සහ ඇයගේ පවුලේ සමජිකයන් රන්ටැඹේ යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කිරිමට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ යුධ හමුදා භට පිරිස් අද (09) දින කටයුතු කරනු ලැබුවා.

එම සේවිකාව තම සැමියා සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලි පදනම මත ලබාගත් නිවසක රැදි සිට ඇති අතර ඇය ඊයේ (08) දින අලුයම හැටන්, දික්ඔය පුලියාවත්ත හොන්සි වතුයායේ පහල කොටසේ තම නිවසට පැමිණ තිබෙනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතනය සහ යුධ හමුදා මුලස්ථානය විසින් නොර්වුඩ් පොලිසිය වෙත ඇය පිලිබදව තොරතුරු ලබා දිමත් සමග නොර්වුඩ් පොලිසියේ නිලධාරින් විසින් ඇයව හදුනාගෙන ඇත.

එම සේවිකාව, ඇගේ සැමියා එම සේවිකාවගේ මව සහ පියා සහ එම සේවිකාවගේ අවු 10 වයසැති දැරියද නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කෙරුණා.

එම සේවිකාවගේ නිවසට යාබදව පිහිටි වතු නිවාස 13 කට අයත් සමාජිකයන් 69 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඊයේ දින කටයුතු කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.