Sep
05
වාසු 20 ට හරස් වෙයි
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට මෙරට තනතුරු දැරීමට අවස්ථාව ලබා නොදිය යුතු බවයි.
අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ අදහස් පල කර තිබේ.
නමුත් ඇමති වාසුදේව නානායක්කාර මහතාගේ අදහසට කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකු සිය විරෝධය පළ කර ඇත.
එහිදී ඇමති වාසුදේවගේ අදහස පැහැදිලි කරමින් ඇමති විමල් විරවංශ මහතා පවසා ඇත්තේ වුවත් පුද්ගලයකු ඉලක්ක කරගෙන නොව ප්‍රතිපත්තිමය කාරණාවක් ලෙස ඇමති වාසුදේව එසේ පෙන්වා දුන් බවත් ඉන්දියාව පවා ද්විත්ව පුරවැසියන්ට රජයේ තනතුරු දැරීමට ඉඩ නොදෙන බවත්ය.
මෙම සංශෝධනය යම් හෝ සුළු අඩුපාඩුවක් තිබුණොත් විපක්ෂය ඊට අධිකරණයට යනු ඇති නිසා තවදුරටත් අධ්‍යනය කළ ඊළඟ කැබිනට්ටුවේ දිය අනුමත කිරීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී යෝජනා කර ඇතත් කැබිනට් මණ්ඩලයේ වැඩි පිරිසක් ඊට විරෝධය පළ කර ඇත.
අවසානයේ කැබිනට් මණ්ඩලය තීරණය කරන ලද්දේ එදිනම කෙටුම්පතට අනුමැතිය දී එදිනම ගැසට් කිරීමට යැවීමටයි