Sep
25
කොටි මරා මස් සහ ශරීර කොටස් අලෙවි කිරීමේ ජාවාරමක් (PHOTOS)
මහනුවර උඩදුම්බර ප‍්‍රදේශයේ සැරිසරමින් සිටි කොටියකු මරා දමා එම මස් අලෙවි කරමින් සිටි කාන්තාවක් ඇතුලු පුද්ගලයින් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මස් අලෙවි කිරීමට යොදාගත් ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගැනුණා.
පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී මෙම ජාවාරම පිළිබඳව තොරතුරු රැසක් ද අනාවරණය වී තිබෙනවා.
උඩදුම්බර කලල්ගමුව ප‍්‍රදේශයේ දී ඌරන් සඳහා ඇටවු මන්දකට මෙම කොටියා හසු කරගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර අඹු සැමි යුවලක් සිටි බවත් ඔවුන් කලල්ගමුව ප‍්‍රදේශයේම පදිංචි අය බවත් අනෙක් පුද්ගලයා වේරපිටිය ප‍්‍රදේහයේ පදිංචි අයකු බවත් පොලිසිය පැවසුවා.
සැකකරුගේ නිවසට ගොස් පරික්ෂා කිරමේ දී කොටස් වලට වෙන් කරන ලද මියගිය කොටියාගේ තවත් කොටස් හමු වී ඇති අතර ඉතිරි කොටස් ද සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
- හේරත් ඒකනායක
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_E6l5zpvRJPyE6-c4Z_pN_ra-EOc_gdgb_XC01magB7pPPlhWEBxkhvEaw6ep_i6gMljtMH-nbAv6r_JzAxVZzPIMlJeow3HNOwvY9ln4dhHQVh9zLwrp3cF7Gnqosil1kNtK2Eqbm6Pq/s640-rw/120112828_344954620080267_891162174201620078_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXwe2x_k-EoD6GQRi1z0LNDqKC_DZcyJQRF1XlJ7OB8AQ4fjhF6TpBAPyYO4iIva_JuEnZUoUAfmdlv225kz_WmrP75ZCYE1KNcGHfvTruEocQTWTW0cHdBIHhP3gOq6jIKPJstM_bq2g6/s640-rw/120116844_333911474690577_1819879161894689454_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEic0-LpHu_e3SqliRjEZGZj5YowD1DM1U1Sbvn8PKMb9sfYuXboxT5wYR2CPMIWT2H1Kiogpl0H7KSQnFTLPdrI8KZa2f9cKjJHaTFUw8USMJtaRk2aZ-rCs8UzCiTJ4mypD-33lkykkFv3/s640-rw/120135250_349305982883508_6501344867722524467_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUqgbB7ABN-WmSnHaesyHB0HnqgcU3ggUITDhYT7INQmASI91HQTiu2XinzQ__7jHBvG7WkEPK2djoNbST1TJVDBL6JfRWdnp3pOBRoA_PZ1vE21Y413jZ4nh1912Hi-RyYmRq8Er0wK_z/s640-rw/120182221_673768993272008_1993891688703215856_n.jpg)