Sep
25
රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා රිය අනතුරකට ලක්වේ
නිවාස රාජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා පැවසුවේ, රාජ්‍ය අමාත්‍යවරයාගේ තත්ත්වය බරපතළ නොවන බවය.
ඔහු ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසීය.
පොලිසිය පැවසුවේ, ඉන්දික අනුරුද්ධ මහතා ගමන්ගත් ජීප් රිය අධිවේගී මාර්ගයේදී ලිස්සා ගොස් ආරක්ෂක වැටේ ගැටී ඇති බවය.
ඔහු මෙම අනතුරට ලක්ව ඇත්තේ, කටුනායක සහ ජාඇළ අතරදීය.
- මව්බිම