Sep
10
ශක්තිමත් නායකත්වය ප්‍රභලම හේතුවක්, ලංකාව කොවිඩ් මර්ධනය කල හැටි WHO ලොවටම කියයි
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 2020 සැප්තැම්බර් 9 වන දින “August Feature Countries – A Monthly Selection of Case Studies” යනුවෙන් කොවිඩ් වසංගතය පිළිබඳව සිය නවතම වාර්තාව නිකුත් කර ඇත. සාමාජික රටවල් COVID-19 පිළිබඳව ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ලබා දීම මේ වාර්තාවේ අරමුණ වන බවයි කියවෙන්නේ.
මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳව ( 75 පිටුවෙහි සිට 88 පිටුව දක්වා) විස්තර ඇතුලත් වන අතර “COVID-19 වසංගතයට ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරය වේගවත්, තීරණාත්මක හා මනා සම්බන්ධීකරණයකින් යුතුව සිදු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය හා සෘජු තීන්දු ගැනීම මනා පිටුවහලක් වූ බවට කරුණු දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට බලපෑ සමස්ත රාජ්‍ය ප්‍රවේශය පිළිබඳව ද වාර්තාව සඳහන් කර ඇත. අවසාන වශයෙන් එහි කියැවෙන්නේ මගින් වසංගතයකට ප්‍රතිචාර දැක්වීමට, ජීවිත බේරා ගැනීමට සහ එහි ජනගහනය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවා ඇති ක්‍රියාශීලී හා වේගවත් ක්‍රමවේදය ශක්තිමත් නායකත්වයක් සහ එයට ඒකාබද්ධ වූ මහජන සෞඛ්‍ය අංශ මෙන්ම මහජනතාවගේ කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාව අද පවතින සාර්ථක තත්වයට පත්වීමට ඉවහල් වී ඇති බවයි.