Sep
10
කොරෝනා මැද්දේ අසුනට රණ්ඩු කළ ලාංකික මගීයාව සෞදියේදී ගුවන් යානයෙන් බස්සවයි (වීඩියෝ)
සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාව බලා පිටත් වීමට සූදානම්ව තිබු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් මගින් මෙරටට පැමිණීමට සූදානම්ව සිටි මගියෙක් වැරදි අසුනක හිද ගැනීම නිසා ඇති වූ තත්ත්වයක් මත එම මගියාව සෞදි අරාබි ගුවන් තොටුපොළේදී ගුවන් යානයෙන් බැස්සවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මෙම ගුවන් මගියා තමන්ට වෙන් කර ඇති ආසනයේ හිද නොගැනීම නිසා ගුවන් යානා කාර්ය මණ්ඩලය සමග දිගින් දිගටම බහින්බස් වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ අතර එය එම අවස්ථාවේදී තවත් ගුවන් මගියෙකු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබුණා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොරෝනා වෛරසය ඇති බවට සැක කෙරෙන රෝගීන් 06 දෙනෙකු රැගෙන ඒම සඳහා වෙන් කොට තිබු අසුන් පේළියක මෙම පුද්ගලයා අසුන් ගැනීම නිසා මෙලෙස ඔහු ගුවන් යානයෙන් බැස්සවීමට සිදුවූ බවයි. ඔහුට් නියමිත අසුනේ අසුන් ගන්න ලෙස අවස්ථා රැසකදී ඉල්ලීම් සිදුකලත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවාඩ් එම නිලධාරියා සඳහන් කර සිටියා.
මෙම පුද්ගලයා මානසික අබාධයකින් පෙළෙන අයෙකු බවට පසුව හඳුනාගෙන ඇති අතර ඒ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල කරා යොමු කිරීමට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
සෞදියේ සිටි ලංකාවට පැමිණීමට සූදානම්ව සිටි ගුවන් මගියෙක් ශ්‍රී ලංකන් ගුවන් කාර්‍ය මණ්ඩලය සමග පැටලේ. මගියා යානයෙන් බස්සවා යානය පිටත් වෙයි.
Posted by ජඹුරේවල චන්දරතන හිමි official on Wednesday, September 9, 2020