Sep
10
වයසක සහ රෝගි සිරකරුවන්ට නිදහස හිමි වීමේ ඉඩක්
වයස්ගත සහ රෝගී තත්ත්වයෙන් පෙළෙන රැදවියන් නිදහස් කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේගේ අවධානය යොමුවී තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ රෝගී තත්ත්වයෙන් පසුවූ රැදවියන් දෙදෙනෙකු වහාම බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසටද නිලධාරීන්ට මෙහිදී නියෝග කර තිබෙනවා.
මෙහි රදවා සිටින රැදවියන් අතර වකුගඩු රෝගීන්, ඇස් නොපෙනෙන අයවලුන්, අංශභාග රොගීන්, පූර්ණ කාලීන ආබාධිතයින් හර්නියා ආබාධවලින් පෙළෙන අයවලුන් සිටින අතර ඔවුන්ට විශේෂ වෛද්‍ය අවශ්‍යතා ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස බන්ධනාගාර පාලනාධිකාරිය වෙත රාජ්‍ය ඇමතිනිය විසින් උපදෙස් ලබාදෙන ලදි.
ඉන් අනතුරුව රාජ්‍ය ඇමතිනිය විසින් බන්ධනාගාරයේ චැපල් අංශය වෙත ගිය අතර එහි රදවා සිටින රැදවියන් සමග සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය කටයුතු පිලිබදවද සොයා බැලීමකට ලක් කළා . ඔවුන්ගේ දුක්ගැනවිලි පිළිබදව සාවධානව අසා සිටි ඇමතිතුමිය සිදුකලහැකි කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බන්ධනාගාර පාලනාධිකාරිය වෙත උපදෙස් ලබාදෙනු ලැබුවා.