Sep 02

උකස් මධ්‍යස්ථානය බිඳ කෝටි ගණනක දේපළ සොරාගත් මෘදුකාංග ඉංජිනේරුවා


රත්මලාන, බෙලෙක්කඬේ හන්දියේ පිහිටි උකස් මධ්‍යස්ථානයක් බිඳ රුපියල් කෝටි දෙකකට අධික රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු රුපියල් ලක්ෂ 75කට අධික රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ 10කට අධික මුදල් සමග ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පිළියන්දල, මාම්පේ,  ගනේවත්ත පාරේ පදිංචිව සිටින වයස  21 ක් වන පරිගණක මෘදුකාංග පිළිබඳ ඉංජිනේරුවකු හා විධායක නිලධාරියකු වන බවත් සැකකරුගේ අධික ණය බරක් ගෙවාගත නොහැකිව ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙම කොල්ලය සැලසුම් සහගතව සිදුකර ඇති බවත් හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

සැකකරු 25 දින රාත‍්‍රී ඒ අසල  ගොඩනැඟිලිවලින් පැනවිත් තෙවන මහලේ අඟල් 6 ක් උස අඟල් 17 ක් පළල කවුළුවකින් සූක්ෂම අයුරින් ඇතුළට රිංගා දොරවල් කඩා දෙවන මහලේ ආරක්ෂා සහිතව කබඞ්වල දමා තිබූ රන්භාණ්ඩ ඇතුළු මුදල් සොරා ගන ගොස් තිබිණි.

මේ පිළිබඳව ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතා වෙත ලද තොරතුරකට අනුව ගල්කිස්ස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නීල් ප‍්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දිවා ? නිවස අසල රැුක සිටිමින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

සිදුකල විමර්ශනයේදී සොරාගත් මුදල් රුපියල් 10,54,060/= ක්ද, රිදී භාණ්ඩ ග‍්‍රෑම් 1876 ක්ද, රන් මුදු 46, බේස්ලට් 11, රත්තරන් චේන් 27 ක්, පෙන්ඩන් 30 ක්, කරාබු 60 ක්, වළලූ 1, ජංගම දුරකථන 6 ක් හා අලෙවි සැලේ සවිකර තිබූ සී.සී.ටී.වී. පද්ධතියේ කොටස්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු විසින් තවදුරටත් මහරගම හා තදාසන්න ප‍්‍රදේශවල උකස් මධ්‍යස්ථානවලට රන්භාණ්ඩ ග‍්‍රෑම් 35 කට අධික ප‍්‍රමාණයක් උකස්කර තිබේ. ඒවාද සොයා ගැනීම සඳහා සැකකරු 31 වන දින කැස්බෑව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැුඳවුම් නියෝග ලබා ගැනීමටද නියමිත බවත් ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබන බවත් පොලිසිය කියයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහාන් පේමරත්න, පොලිස්

අධිකාරි 1 සමන්ත වෙදගේ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නීල් ප‍්‍රියන්ත, පොලිස් සැරයන් (33704) ගුරුසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන (87654) ලක්මාල්, (93744) සිල්වා, (93748) ජයවර්ධන, (78800) ශිවන්ත, (86614) තරින්ද, පොලිස් කොස්තාපල් රියැදුරු (94733) රුද්‍රිගු, (87719) ශාන්ත යන නිලධාරීන් විසින් සිදුකරගෙන යනු ලබයි.

චමින්ද සිල්වා - එස්. පී. ආරියරත්න - රත්මලාන
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.