Sep
02
රටින් පැන්න පාතාලයන් 14කට රතු වරෙන්තු !
දැනට විදේශයන්හි සැඟව සිටින මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලියට යොමුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රතු වරෙන්තු ලබාගෙන ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
එම රතු නිවේදන නිකුත් කර තිබෙන අපරාධ කල්ලි සාමාජිකයන් 14 දෙනා විවිධ සංවිධානාත්මක අපරාධවලට, මනුෂ්‍ය ඝාතන ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අවශ්‍ය කරන සැකකරුවන් බවද ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කරයි.
එකී අපරාධ කල්ලි සාමාජිකයන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලියට යොමුකිරීමට අදාළ විමර්ශන නිලධාරීන් කටයුතු කරමින් සිටින බව පවසන වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනට කෙරෙන විමර්ශනවලට හා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකි නිසා ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත් නොකරන බවත්, ඔවුන් අත්අඩංගුවට ගන්නා සැණෙකින් ඒ පිළිබඳව රටට එළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් කීවේය.