Sep 17

කැබිලිත්ත මහ කැලයේ දවැන්ත වන විනාශයක් අක්කර දහස් ගානක් එලි කරලා (Photos)


කතරගම දෙවියන් ජීවමානව භාවනායෝගීව වැඩසිටි යැයි විශ්වාස කෙරෙන කැබිලිත්ත මහ කැලේ අක්කර දහස් ගණනක වන විනාශය මැති ඇමතිවරු, කෝටිපති ව්‍යපාරිකයන් වැඩිම ප්‍රමාණයක් සියසින් දුටුවත් අහක බලාගෙන යන ලංකාවේ විශාලතම වන සංහාරය මෙයයි.

ලංකාවේ කෝටි ප්‍රකෝටි පතියන් ජනාධිපතිවරු මැති ඇමතිවරු, හමුදා පතිවරුන්, රජයේ උසස් නිලධාරීන් ව්‍යපාරිකයන් තමා අරමුණු ඉෂ්ට කර ගන්න බාර වීමට යන කැබිලිත්ත දේවාලය පිහිටා තිබෙන මහ කැලය අද මේ වන විට අක්කර දහස් ගණනක් එළි කරමින් වගාවන් සදහා යොදා ගනිමින් සිටී.

මේ දිනවල මැතිවරණයට භාරවූ බොහෝ මැති ඇමතිවරු එම බාර හාර ඔප්පු කරන්න කැබිලිත්තට යන එන ආකාරය නිරන්තරයෙන් දැක ගැනීමට හැක. නමුත් මේ වන විනාශය කිසිදු පුද්ගලයෙක් සතපහකට මායිම් නොකිරීම කණගාටුවකට කරුණකි.

තේක්ක,බුරුත,පලු කළුවර,නැදුම්  වැනි ශාකවලින් පිරුණු මේ මහ වහනය සීඝ්‍ර වන විනාශයකට ලක් වී තිබෙනවා. උක් වගාව බඩ ඉරිගු සහ හේන් ගොවිතැන මෙම කැලෑව ආක්‍රමණය කර තිබෙනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ කොටියාගල ගමෙන් ඔබ්බට මහ කැලය පිහිටා තිබෙනවා කොරෝනා කාල වකවානුව තුළදී මෙම වනාන්තරය දැව ජාවාරම්කරුවන්ගෙන් සහ හේන් ගොවිතැන් කරන බඩඉරිඟු වගාව සිදුකරන හා පරිමාණයේ ව්‍යාපාරිකයන් මෙම වනාන්තරය ඩොසර් කරමින් ගිනි තබමින් විනාශ කොට අක්කර දහස් ගණනක් එළි කර තිබෙනවා.

යාල අභය භූමියට කුමන අභය භූමියට යාබදව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුවට යටත්ව මම වනාන්තර පද්ධතියට හිමිකාරීත්වය පැවරී තිබෙනවා.
මෙම වන විනාශය මේ වන විටත් කිසිදු තක්සේරුවක් කොට නැත.

කතරගම දෙවිඳුන් ජීවමානව භාවනායෝගීව මෙම ස්ථානය වැඩසිටින බව ජනප්‍රවාදයේ මතයයි. කතරගම දෙවියන්ගේ ආභරණ කැබිලිත්ත රාල විසින් ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ සඟවා ගෙන ආරක්ෂා කොට ගෙන තිබුණේ ද මෙම කැබිලිත්ත දේවාල භූමිය  පිහිටි ඇති ප්‍රදේශයේ බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. කැබිලිත්ත රාල මෙම කැලෑව තෝරා ගත්තේ වන ඝනත්වය නිසා බව සඳහන් වේ.

වෙනදා කොටියාගල ගමෙන් මහ කැලයට විනාඩි 30ක පමණ කාලයෙන් ළඟාවීමට හැකි වෙනවා එනම් කොටියාගල ගම ආසන්නයට වනතෙක් මහ ගන වනාන්තරය විසිරී පැවතුණා. අලි කොටි වලසුන් දුර්ලභ වන සතුන් ජීවත්වන මෙම වනාන්තර පද්ධතිය නිදන් සහ ඖෂධ පැළෑටිවලින් ගහනවු වසර දහස් ගණනක් පැරණි වන පද්ධතියකි.

අද වන විට මහ කැලයට පිවිසීමට කොටියාගල ගමේ සිට පැය දෙකහමාරක පමණ දුරක් ගෙවා එළිකර හේන් බඩඉරිඟු සහෝ වගාව මැදින් ගමන්කොට මහ කැලයට ඇතුළුවීමට සිදුවී තිබෙනවා. ආසන්න වශයෙන් අක්කර තිස් දහසකට වැඩි ප්‍රමාණයක් මෙම වනාන්තරය මේ වන විට එළි කොට තිබෙනවා. වර්තමානයේ බඩ ඉරිඟු සහ උක් වගාව පවත්වාගෙන යන සියලු භූමි ප්‍රමාණයක් පෙර ඝණ වනාන්තර ලෙස පැවැත්වුණා.

ගුවනේ බැලූවිට කැබිලිත්ත දේවාලයට ඇති සීමාවට වන විනාශය ළඟාවීමට තව ඉතිරිව ඇත්තේ කිලෝ මීටර් 15 ක පමණ දුර ප්‍රමාණයකි. මීට පෙර මෙම මහ කැලේ කැලය මැදින් ගමන් ගත් දුර ප්‍රමාණය km 36 පමණ වනවා.

විල්පත්තුව වන විනාශය ට සාපේක්ෂව මෙම වන විනාශය විල්පත්තුව මෙන් සිය ගුණයක් විශාල වන විනාශය තව නොබෝ කලකින් කැබලිත්ත දේවාලය ආසන්නයටම මෙම වනාන්තර පද්ධතිය සිඝ්‍රයෙන් විනාශ වන තත්ත්වය වර්තමානයේ දැකගැනීමට හැකියි.

වනජීවී මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා කැබිලිත්ත දේවාලයේ ආශීර්වාද ලබාගැනීමට නිතර නිතර මෙම ප්‍රදේශය පසු කර ගියත් මෙම වන විනාශය කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීම යම් භාරයක් ඔප්පු කරනවද යන සැකය මතුවී තිබෙනවා.

බලධාරීන් වහාම කැබලිත්ත මහ කැලේ සිදුවන මේ දැවැන්ත වන විනාශය නවතා දැමිය යුතුයි.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.