Sep
11
ජේ. නි. පොලිස්පති ලලිත් ජයසිංහ යළි සේවයේ පිහිටුවන්නේ නැහැ
වැඩ තහනමකට ලක්ව සිටින හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යලි සේවයේ පිහිටුවීම සිදුනොකරන බව ජාතික පොලිස් කොමිසම නිවේදනය කර සිටිනවා.
උතුරු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී තමාගේ වැඩතහනම් කිරීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහ පසුගියදා දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිසම හමුවට පැමිණිල්ලක් ද සිදුකරනු ලබනවා.