Sep
11
ප්ලාස්ටික් බිත්තර දමා කෑම හැදූ හෝටලය වටලුු පුවත සාවද්‍යයි
ප්ලාස්ටික්වලින් නිපදවන ලද කෘත්‍රිම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වවුනියාව නගරයේ පිහිටි හෝටලයක් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් 9 වැනිදා වටලා එහි හිමිකරුට එරෙහිව නීති මඟින් කටයුතු කොට තිබේ. යනුවෙන් පලවූ පුවත පසුව සාවද්‍ය බවට තහවුරු විය.
පසුව කල විමර්ශණයකින් ඔප්පු වූයේ ප්ලාස්ටික් වලින් කෘතිම බිත්තරයක් නිපදවූ සිද්ධියක් වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වී නොමැති අතර, ලංකාවේ කිසිදු ස්ථානයක මේ වන තෙක් කෘතිම ප්ලාස්ටික් බිත්තර නිෂ්පාදන හමුවී නොමැති බවයි.
එබැවින් ප්ලාස්ටික් බිත්තර යොදා පිළියල කළ සැහැල්ලු ආහාර වව්නියාව හෝටලයක තිබී සොයාගත් බවට ෆේස්බුක් ජාලයේ පලවන සියලුම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍යය සහ සාවද්‍ය ප්‍රවෘත්ති බවට නිගමනය කරමු.