Sep
13
අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප මාහිමිපානණන් අපවත් වෙති !
අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප මාහිමිපානණන් අපවත් වී තිබෙනවා.
පුරා වසර පනහක් පමණ අප සම්බුද්ධ ශාසනය ඒකාලෝක කරමින් තම ජීවිතේ සුන්දර තරුණ අවධිය අධ්‍යාත්මිකව ගතකරමින් වනවාසී තරුණ භික්ෂුවක් වශයෙන් අප ධර්මද්වීපයේ සසුන් ගතවී වනවාසීව බවුන් වඩමින් සසරෙන් එතෙර වීමට උන්වහන්සේ තම ජීවිතය කැප කළා.
උන්වහන්සේගේ ශ්‍රී දේහය ඇත්දත්ගල ආරණය සේනාසනයේ සැහැදැවතුන්ට වන්දනාමාන කිරීමට තැන්පත් කර තිබෙනවා.
ආදාහන පූජෝත්සවය 14 වන සඳුදා දින සවස ඇත්දත්ගල ආරණය සේනාසනය සිදුකරනු ලබනවා.
ඇත්දත්ගල ආරණය සේනාසනය, කත්නෝරුව මීගලෑව මේ සම්බන්ධයෙන් ගලිගමුවේ ඥාණදීප හිමියන් විසින් සමාජ මාධ්‍යපළ කළ සටහනක් පහතින් දැක්වේ..
"ඒ පහන් සිල අද නිවීගියේ ය. සැබවින්ම තෙලුත් වැටිත් අවසන්ව නිවීයන්නට ඇත. වසර තිහකට අධික කාලයක් මහා වනාන්තර තුළ ධර්මාවබෝධය පිණිස උන්වහන්සේ කල අදහාගත නොහැකි කැපකිරීම් දන්නේ මිනිසුන් අතර ඉතා සුළු පිරිසක් බව අප දනිමි. උන්වහන්සේ ගැන තරමක් හෝ දන්නේ මහා වනාන්තර වල දිවිදෙවනි කොට වීර්යය වැඩූ මහා සඟරැවන පමණි ..
රාජ්‍ය ගෞරව නැතිවේවි...
ශෝක දින නැති වේවි ....
මාධ්‍ය ආවරණ නැතිවේවි..
දින ගනනක් මහා ජනගංගා නැතිවේවි ...
නමුත් දසදහසක් ලෝකධාතූවෙහි දෙව්බබුන් සාදුකාර දෙමින් අහස්කුස පිරී වන්දනා කරාවි....
ජීවිතයේ දෙවතාවක් මාහට ද උන්වහන්සේව සියසින් දැකබලා වන්දනාකර ගැනීමට ද. පැයක පමණ කාලයක් ධර්ම කරැණු සාකච්ඡා කිරීමට ද භාගය උදාවිය. ඒ ලග්ගල මහ වනයේ ද්‍රි ය..
ලක්මව මත වැඩසිටි උතුම්ම සඟ රැවන අද නිවීගියේ ය...
සියලු සංස්කාරයෝ අනිත්‍ය ය ම ය...
සාදු...සාදු...සාදු...
දුරු රටක අද වැඩසිටිය ද ඒ දෙසට හැරී වන්දනා කරමි..
බුදු සසුන සෝභමාන කල මෙකල නිවීගිය මහා යථිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....