Sep
29
අනුරාධපුර ගමක් කම්පා කරවමින්, ලේලියක්, සිය නැන්දම්මාට කළ අපරාධය
නැන්දම්මා ලේලි වෛරය ඈත අතීතයේ සිටම පැවත එන්නක්. හේතු නොමැති මේ වෛරය නිසා ජීවිත හානි සිදුවූ අවස්ථාද එමටයි. මේ කියන්නට යන්නේ නැන්දම්මා ලේලි විරසකයේ උච්චතම අවස්ථාවකදී ලේලිය කළ අපූරු ක්‍රියාවක්..
මේ ලේලිය නැන්දම්මා සමඟ තිබූ වෛරය පිරිමසා ගත්තේ අමුතුම ක්‍රමයකටයි. ඇය ඒ සඳහා කොල්ලකරුවන් දෙදෙනෙක් යෙදුවා.
ඔවුන් නැන්දම්මාගේ නිවසට පැන ඇගේ දෑත් දෙපා ගැට ගසා දමා පැන යන්නේ නිවසේ තිබූ මුදල්, ආභරණද රැගෙනයි.
කොල්ලය මෙහෙය වූ ලේලිය බේකරියක් පවත්වාගෙන යන තිදරු මවක්. ඇගේ සැමියා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පසුගිය දා කර තිබු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ-වලින් පසුව කොල්ලයට සම්බන්ධ වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ ඔහුගේ ගෝලයා හා ශ්‍රාවස්තිපුර කොඩිගල පදිංචි ලේලියත් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකාරිය හා ඇගේ සැමියා පසුගිය 19 වැනිදා අනුරාධපුර යහලේගම පැවති හිතවතකුගේ පින්කම් උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ ලේලිය කොල්ලකරුවන්ට නිවස කොල්ල කන ලෙසත්, නැන්දම්මා පමණක් නිවසේ ඇති බවත් දන්වා තිබෙනවා.
රාත්‍රී අටත් දහයත් අතර කාලයේ කොල්ලකරුවන් මිදවච්චියේ සිට යතුරුපැදියකින් ශ්‍රාවස්තිපුර කොඩිගලට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ කිසිවකුත් අහළ පහළ නොමැති බව නිරීක්ෂණය කළ කොල්ලකරුවන් එක්වරම නිවසට කඩා වැදී ඇගේ කට වසා දෑත් ගැට ගසා ඇතිරිල්ලකින් මුහුණ බැඳ අල්මාරියක තිබූ ආභරණ රැගෙන පලා ගොස් තිබෙනවා.
පැමිණිලිකරුවන් පින්කම් කටයුත්ත අවසන් කර නිවසට පැමිණෙන විටත් 61 හැවිරිදි කාන්තාව සිහිමුර්ජා වී සාලයේ වැටී සිට ඇති අතර පුතා හෝ ලේලිය ඇයව රෝහල් ගත නොකර මුදල් හා ආභරණ පරීක්ෂා කර අනුරාධපුර මූලස්ථාන පොලිසියට ඒ බව දන්වා ඇති බව සඳහන්.
පොලිසිය එහේ යන තුරුත් වයෝවෘද්ධ කාන්තාව සාලයේ බිම වැටී සිට ඇති අතර පොලිස් නිලධාරින් ඇගේ මුහුණට වතුර ඉස මඳ සිහි ගතියට පත් කර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරනු ලැබුවා.
"ඔයාලා මොනවද කරන්නේ. මේ තමන්ගේ අම්මා නේද? නැන්දම්මා නේද? මේ මනුස්සයා තව ටික වෙලාවක් මෙතන හිටියා නම් මැරිලා යනවා නේද?" යනුවෙන් පැවසු නිලධාරින් සම්බන්ඡ පරීක්ෂණවලට පෙර වයෝවෘද්ධ මව රෝහල් ගත කිරීමේ කටයුතු සිදු කෙරුණා.
කොල්ලකරුවන් මුහුණට ඇඳ ඇතිරිල්ලක් තබා බැඳ දැමීම නිසා හුස්ම හිරවූ ඇය තවමත් සිහිමූර්ඡා තත්ත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
කොල්ලකරුවන් රුපියල් තුන් ලක්ෂ අසූදහසක මුදලක් හා රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමින් යුතු රන් පවුම් හතක රන් ආබරණ කොල්ල කා ඇති බවට පැමිණිල්ලේ සඳහන් වුනා. පරීක්ෂණවලදී ගම්පහ පදිංචි දැනට මැදවච්චියෙන් විවාහ වී සිටින පුද්ගලයෙක් සමඟ ලේලිය දුරකථනයෙන් කතාබස් කර ඇති බව ද තහවුරු කර ගැනීමට හැකි වුණා.
සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් විසින් පූජාවක වැඩකටයුතු සඳහා එම පුද්ගලයා නිවසේ උදවියට හඳුන්වා දුන් බවත් පැමිණිලිකාරිය කළ දැන්වීමකට අනුව පැමිණ නිවස කොල්ල කෑ බවත් එම අවස්ථාවේ නිවසේ රුපියල් තුන්ලක්ෂ පනස් දහසක මුදලක් තිබුණු බව කීවත් තිබුණේ රුපියල් එක් ලක්ෂ අසූදහසක් හා රන් ආබරණ පමණක් බවත් සැකකරු පොලිසියට පවසා තිබුණා.
සැකකරුවන් දෙදෙනා කොල්ලයට පැමිණී යතුරුපැදිය සමඟ කොල්ල කෑ මුදල්වලින් රුපියල් 102500 ක් රන් පවුම් තුනක ආබරණ හා තවත් රන්පැහැ ආබරණ කිහිපයක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.
කොල්ලය මෙහෙය වූ ලේලියත් ප්‍රධාන කොල්ලකරුත් අතර අනියම් සම්බන්ධයක් තිබේදැයි යන්න අනාවරණය කරගැනීමට හා නැන්දම්මාගේ මුදල්වලින් කොටසක් ඈ සතුව ඇද්ද යන්න තහවුරු කර ගැනීමට පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.
ප්‍රධාන කොල්ලකරු හා සැකකාරිය කතාබහ කළ දුරකථනය මේ වන විට අස්ථානගතව ඇති බව පවසන පොලිසිය දුරකථනය සොයා පරීක්ෂණ සිදු කරන බවත් කොල්ලය මෙහෙයවීමට වයෝවෘද්ධ කාන්තාවගේ පුත්‍රයාත් සම්බන්ධ වී ඇද්දැයි යන්න අනාවරණය කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා.
සැකකාරිය හා නැන්දම්මා අතර දරුණු විරසකයක් තිබීම මීට හේතුව බවයි පොලිසිය සැක කරන්නේ. අත්අඩංගුවගෙත් 40 හැවිරිදි තිදරු මව හා 30-33 වයස්වල පසුවන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
බුද්ධික මහේෂ් විජේසූරිය විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.