Sep
16
බස් මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කරනවාට බස් සංගම් විරුද්ධ හේතු මෙන්න
බස් ප‍්‍රමුඛතා මංතීරුවේ යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ ධාවනය කරවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විරෝධය පළ කරනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දෙන්නේ බස් සඳහා කාලය වෙන් කර ඇති අවස්ථාවේ ත්‍රීරෝද සහ යතුරුපැදි බස් මංතීරුවේ ගමන් කරවීමට අවස්ථාව දීම බරපතල ගැටලුවක් බවයි. මේ හේතුවෙන් යතුරුපැදිකරුවන් බස් රථ ඉස්සර කිරීමට වම් පසින් හෝ දකුණු පසින් එකවර ගමන් කිරීමෙන් අනතුරු වැඩි වශයෙන් සිදුවිය හැකි බවත් සඳහන් කළා.
මෙම තීරණය අඛණ්ඩව කි‍්‍රයාත්මක කළහොත් ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
තවද වාහන තදබදය අවම කිරිම සඳහා යළි බලාත්මක කෙරෙනු මෙම මංතීරු නිතිය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පොලිසියේ සහය සඳහා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ නගරයට ප්‍රධාන පිවිසුම් මාර්ග ලෙස සැලකෙන රාජගිරිය, නුගේගොඩ, බොරැල්ල සහ ගාලු පාර ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන යානා 04ක් උපයෝගී කර ගනිමින් නිරීක්ෂණ කටයුතු වල යෙදී සිටියි.
මෙම ඩ්‍රෝන යානා මගින් මාර්ග තදබදයට අදාළව ලබා ගන්නා තොරතුරු එසැණින් පොලිසිය වෙතට ලබාදීමට පියවර ගනු ලබන බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ.
මේ ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා යොදවා තිබු ආකාරයයි,