Sep
16
මංතීරු නීතිය ගැන පුවරු ප‍්‍රදර්ශනය කරන පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කරයි
මංතීරු නීති පිළිබඳ දැනුවත් කෙරෙන පුවරු මාර්ගවල ප‍්‍රදර්ශනය කළ පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙත ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර, කොළඹට ඇතුළු වන සියලූ ත‍්‍රීරෝද රථ සහ යතුරුපැදි, මාර්ගයේ වම්පස තීරුවේ පමණක් ධාවනය කිරීමේ පෙරහුරුවක් අද පැවැත්වෙනවා.