Sep 19

අසරණවී නිවසේ සිටී යයි පලවූ ගායක W.D. ආරියසිංහ මහතාගේ ඇත්ත කතාව එළියට


රෝගාතුරවී අසරණවී නිවසේ සිටින නිසා ප්‍රවීණ ගායක W D ආරියසිංහ මහතාහට උදව් කරන්න කියල social media පෝස්ට් ගොඩක් share උනා. එහි ඇත්ත නැත්ත ඔහුගේ පුත් හර්ෂදේව ආරියසිංහ ගොසිප් ලංකා අප වෙත පැවසුවා. ඔහු සමග අප කල සංවාදය පහතින්..

Q: මේ දවස් වල W D Ariyasinghe රෝගාතුරවී අසරණවී නිවසේ සිටින නිසා ඔහුට උදව් කරන්න කියල social media පෝස්ට් ගොඩක් share උනා. ඇත්තටම තාත්තාට මොකද උනේ?

දැනට මාස 3කට ඉහතදී ඔහු ලිස්සා වැටීමෙන් උකුල් ඇටය බිඳීම නිසා ශල්‍යකර්මයක් කරන්න සිදූවුනා. ඒක සාර්ථක උනත් ඔහුගේ කලින් තිබූ සෞඛ්‍ය ප්‍රශ්නත් සමග නැවත යථා තත්වයට පත්වෙන්න වැඩි කලක් යනවා. ඔහුට ඇවිදීමේ හැකියාව සෙමින් ලැබෙමින් පැවතුනා. ඒත් වකුගඩු වල තිබෙන ප්‍රශ්නයක් නිසා නිරෝගී වෙන්න තව කල් යයි.

Q: එතකොට අර share උන පෝස්ට් එක ඔහු ඉල්ලලා දාපු එකක් නෙමෙයිද?

නැහැ. අපි දැනගත්තෙත් ෆේස්බුක් එකෙන්. Bed Rest කරමින් ඉන්න තාත්තව බලන්න ආපු කෙනෙක් අනවසරයෙන් නොදන්වා photos අරගෙන් ඔය post හදල ප්‍රචාරය කර තිබෙනවා. සමහර විට ඒකෙන් වෙනත් ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් කරාද කියන්නත් බෑ.

Q: ඉතින් ඒකෙන් මොකද්ද වුන ප්‍රශ්නෙ? 

එහෙම කරන එක මමනම් දකින්නෙ ඔහුට කරන අගෞරවයක් විදියට. මොකද ඔහුට ඔයවැනි ඍනාත්මක සිතිවිලි සහ මැසිවිලි වලට වඩා දැන් අවශ්‍ය ධනාත්මක දේවල්. තාත්තා ඉක්මනින් සනීප වෙන්න තමා අපට අවශ්‍ය. නැතුව සනීප නෑ අසරණයි කියල ප්‍රචාරය කරකර දුකෙන් ඉන්න නෙමෙයි.

Q: ඉතින් ලංකාවෙ කලාකාරයොන්ට ඒගොල්ලන්ගෙ සින්දු ප්‍රචාරය වෙනකොට සල්ලි ලැබෙන්නෙ නැද්ද? 

තාත්තා ගීත 1000 පමන ගායනා කර තිබෙනවා. මගේ අම්මාද (දර්ශනී චන්ද්‍රසේන) හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් සහ සංගීත අධ්‍යක්ෂකවරියක්.

ලංකාවෙ ගීත කර්මාන්තය අවුරුදු සීයක් පරණ නම්,  ඒ අවුරුදු සීයටම කර්තෘභාග (royalty payments) තුලින් සත පහක් හරියට හම්බුවෙච්ච කලාකාරයෙක් මම තාම අහල නෑ. Royalty Payments ගැන සාකච්ඡා නැවත ආරම්භ වෙලා තියෙනවා. නමුත් ලංකාවේ කලාකරුවන්ට හරිහමන් system එකකට Royalty payments ගෙවීම් තාමත් ක්‍රියාත්මක නෑ.

ඒත් මම සහ අප පවුල ඒවා ගැන මැසිවිලි කියමින් ඉන්නෙ නැතුව තාත්තට අවශ්‍ය සියලු වෛද්‍ය උපකාර සහ බෙහෙත් හැකි උපරිමයෙන් කරනවා.

Q: ඔබ ළඟදී ඔහුගේ ගීතයක් remake කරා. ඒක කරන්න අවසර ගත්තද?

මගේ අනිත් ගීත වන "නොබලා මා දිහා", “දසබලධාරී”, "හීන මකා" වලට වඩා වෙනස් විදියට තමයි ඔහු ගායනා කෙරූ "මා ළඟටම තව ලංවෙලා" ගීතය නැවත හැදුවෙ. ඔව්, පූර්ණ අවසර අරන් ඒ ගීතය මම නැවත නිශ්පාදනය කරා. ඔහුගේ දීර්ඝ කාලීන ඉල්ලිම මත සහ එයින් ඔහුගේ නමට නැවත උද්දීපනයක් දීම තමා මගේ එකම බලාපොරොත්තුව.

W. D. Ariyasinhe 2019 දී දෙරණ “ලෙය සහ ලය” වැඩසටහනේදී

W. D. Ariyasinhe සහ Harshadewa Ariyasinghe 2019 දී දෙරණ “ලෙය සහ ලය” වැඩසටහන අතරතුර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.