Sep
22
ඩුබායිවලදී අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයාට මෙරට වෛද්‍යවරයෙක් වන්දි අහිමි කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිදුවූ අනතුරකින් පසු මෙරටට පැමිණ ඇති ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයෙකුට මෙරට වෛද්‍යවරයෙකුගේ නොමනා හැසිරීම හේතුවෙන් ඊට අදාළ රක්‍ෂණ වන්දිය ලබාගැනීමට නොහැකි වූ පුවතක් වාර්තා වනවා.
ඔහු මෙම වන්දිය ලබාගැනීමට උත්සාහ දරා ඇත්තේ ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්. ඒ සඳහා වෛද්‍යවරයෙකුගේ නිර්දේශ ලබාගත යුතුයි. ඒ අනුව ඔහු අදාළ නිර්දේශය ලබාගැනීම සදහා මුල්ලේරියාව රෝහලට ගොස් තිබෙනවා. කෙසේවෙතත් අදාළ නිර්දේශ ලබාදෙන වෛද්‍යවරයා සිය සැමියාට බැණ වැදී, ලිපිලේඛණද විසි කර රෝහලෙන් එළවා ඇති බවයි එම පුද්ගලයාගේ බිරිද කියාසිටියේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි මීට මාස කිහිපයකට පෙර සිදුවූ අනතුරකින් මෙම පුද්ගලයා බරපතල තුවාල ලබා තිබෙනවා. ඔහු එරටදී ප‍්‍රතිකාර ලබා සුවවීමෙන් පසුවයි ඉකුත්දා මෙරටට පැමිණ තිබුණේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQpIt_sExLQcmKIcJHYbIWOAcYbvGqzy8f-CUWVHLZTIgJStngHoP8Q2lrAUtGmmqLNk0z7x5AlEeR4k78x_Ocp0VRQnSvYUodb8TDo7Hq0C-jvNHVyX2R1H_mQcJxj_3bHLuC2cGmPZU4/s640-rw/120015302_775253629933898_4217603445659138391_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_6YAw3Vj46kB3ZCYHBDHOFP8Esk9ItU5hBqRBR7WoUgCGop0-2Si3fk1ZO6zpHesobT4lPRtbDd_t8M7_SmeaxMsHb14jHSYM7nsWxHY9tvP3wS4N9s17JewKCogoxJopHLMnFxfLRuXO/s640-rw/120065813_3024606097644548_7625963242660358460_n.jpg)