Sep
09
දෙබරුන් දෂ්ට කිරීමෙන් 3 හැවිරිදි දැරියක් මිය යයි
වවුනියාව, ඕමන්තෙයි, නොච්චිමොටෙයි ප්‍රදේශයේ වගා ඉඩමක් වෙත ගොස් සිටියදී දෙබර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළ තුන් හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි ඕමන්තෙයි පොලිසිය පවසයි.
එම දැරිය සිය මිත්තණිය, මව සහ මාස තුනක් පමණ වන සහෝදරිය ද සමග සිය වගා ඉඩම නැරඹීමට ගිය අවස්ථාවේ දෙබර ප්‍රහාරයට ලක්ව ඇති බව ප්‍රදේශ වාසීහු පවසති.
ප්‍රදේශ වාසීන් පැවසූවේ, එහිදි ඔවුන් දෙබර ප්‍රහාරයට ලක්ව ඇති අතර, දෙබර ප්‍රහාරයට ලක්වූවන් වවුනියාව රෝහලට ඇතුළත් කළ බවය.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අරුල්රාජා සමීක්ෂා නමැති තුන් හැවිරිදි දැරිය ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.
ඇයගේ මිත්තණිය වන 61 හැවිරිදි කාන්තාවක, වයස අවුරුදු 36 ක් වන මව හා මාස තුනක් පමණ වන සහෝදරිය ද දෙබර ප්‍රහාරය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වවුනියාව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
සිදුවීම සම්බන්ධයෙන් ඕමන්තෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව - එන්. ප්‍රියදර්ශනී