Aug
12
කලින්ම ලැබුණු තොරතුර නිසා විජයදාස කලින්ම ගිහින්
අමාත්‍ය ධූරයක් නොලැබීම හේතුවෙන් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගී නොවූ බව වාර්තා වනවා. තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් නොව, රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීමට නියමිත බව සැලවීමත් සමග ඔහු උත්සව භූමියෙන් පිටවගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විජයදාස රාජපක්ෂ දිවුරුම්දීමට නියමිතව තිබුණා. ඒ අනුව එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ අද කිසිවෙකු දිවුරුම් දුන්නේ නැහැ.
මේ අතර අමාත්‍ය ධූරයක් නොලැබීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත් ද, මහනුවර මගුල් මඩුවේ පැවති දිවුරුම්දීමේ උත්සවයට සහභාගි නොවු බවයි වාර්තා වන්නේ.