Aug
12
ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය හරිනි අමරසූරියට
මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය පත්කර තිබෙනවා.
ජාතික ජනබලවේගයේ නායකත්ව මණ්ඩලය විසින් ඇය පත් කිරීමට තිරණය කළ බවයි එම පක්ෂය අද නිවේදනය කළේ. මෙම තීරණය මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දුන් බවද ජාතික ජනබලවේගය සදහන් කළා.
මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධූරය ද ඇතුළත්ව පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර ආසන 03 ක් හිමිවුණා.