Aug 13

"මුලින් මම මන්ත්‍රී" - විමලතිස්ස හිමි


අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පළමුව තමා පත්වී පසුව එය අතුරුලියේ රතන හිමියන්ට හෝ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබාදීමට සූදානම් බව එම පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පවසයි.

“පිරිසක් කියනවා අපේ ජන බල පක්ෂයේ ලේකම් ධුරයේ බලය මට අහිමි වෙලා කියලා.එහෙම දෙයක් කරන්න කිසිදු නීත්‍යනුකූල අයිතියක්, හැකියාවක් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට නැහැ. මේ මන්ත්‍රී ධුරයට ඇන කොටා ගන්නා තත්ත්වයට පත් කරලා කරන්න ලැහැස්ති වෙන්නේ මේ මන්ත්‍රී ධුරය ගලවා ගන්න. මේක කුමන්ත්‍රණයක්. අතුරලියේ රතන හාමුදුරුවෝ කියන්නේ අපි හැමෝගෙම දේශපාලන ගුරුතුමා. ඥානසාර හාමුදුරුවෝ කියන්නේ ජාතික සටන් මාවතේ තමන්ගේ ජීවිතය පූජා කරලා පුදුම තරම් දුක් කන්දරාවක් වින්ද කෙනෙක්. උන්වහන්සේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. මේ දෙදෙනාටම පාර්ලිමේන්තුවට යන්න තියෙන පාර වහලා වෙන කෙනෙක් ඇතුළු කරන්න තමයි මේ මධ්‍යම කාරක සභාව ලේකම්වරයාගේ බලය ඔවුන් අතට ගන්න සැලසුම් කරලා තිබෙන්නේ.

ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධුරය තීරණය කිරීමේ බලය ලේකම්වරයා හැටියට මා සතුයි. හමුදා පොලිස් බලය යොදවලා පන්සලේ බලය මුලින්ම ඇල්ලුවා. මම පක්ෂයක ලේකම්වරයෙක් වුණාට මට ඉන්න තැනකුත් නෑ. ඒකට අදාළ කාර්යාලයකුත් නෑ. පන්සලේ හිටපු අරඹේපොළ රතනසාර හිමියනුත් මමත් ගිහින් මේ ලිපිය භාර දුන්නා කියලා උන්වහන්සේ අද සභාපතිවරයාගේ සිර අඩස්සියේ.

සභාපතිවරයා උන්වහන්සේ සගවාගෙන උන්වහන්සේට හරියට පහරදීලා උන්වහන්සේ මහා දුක් කන්දරාවක් විඳිනවා. මම දැන් විධිමත් ලිපියක් භාරදීලා තිබෙනවා. ඒ නිසා මන්ත්‍රී ධුරය මා අතට තමා පත්වන්නේ. ඒ පත්වන මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙලා ඥානසාර හාමුදුරුවන්ට මන්ත්‍රී ධුරය ලබාදීමට තමයි මගේ ඒකායන බලාපොරොත්තුව තිබෙන්නේ. ඒකට රතන හාමුදුරුවන්ගේ කැමැත්ත මට අත්‍යවශ්‍යයි. මොකද උන්වහන්සේ දේශපාලන ගුරුවරයා නිසා. ඥානසාර හිමියන් කැමැතිනම් අද වුණත් අතුරලියේ රතන හාමුදුරුවන්ට මේ මන්ත්‍රීධුරය දෙන්න කැමති. ඥානසාර හිමියන්ට හෙට දවසේ දෙන්න බැරි උන්වහන්සේගේ නම නැති නිසා කවුරුහරි කෙනෙක් පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන් ඉල්ලා අස්වී තමයි මන්ත්‍රීධුරය ලබාදෙන්න වෙන්නේ. මම මේ කවුරුවත් මුණ ගැහෙන්න අදහසක් නෑ. මොකද කියනවා නම් ගහලා, බැණලා, හතර හන්දි කඩලා මරලා දාලා මන්ත්‍රීධුරය ගන්න පුළුවන්.’’ යැයි උන්වහන්සේ පැවැසීය.

සාලිය කුමාර ගුණසේකර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.