Aug
19
දුම් සහතික අහෝසියි..?
රථ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය වන දුම් පරීක්ෂණ බලපත්‍ර ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
විෂය භාර රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරන්නේ වාහන දුම් පරීක්ෂණ බලපත්‍රය අවශ්‍යද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවයි.
දුම් පරීක්ෂණ බලපත්‍ර ලබා තිබුණ ද මහා මාර්ගයේ ගමන් කළ නොහැකි තරමට දුම් පිටකරන වහන ඕනෑතරම් දක්නට ඇති බවත් ක්‍රියාවලියේ කොතනක හෝ වරදක් සිදුව තිබෙන බව මෙයින් පෙනීයන බවත් ජනාධිපතිවරයා පැවසූ බවද ඔහු සඳහන් කළේය.
මෙම වැඩ පිලිවෙල වෙනසක් සිදු කළ යුතු බව ද රාජ්‍ය ඇමතිවරයා තව දුරටත් කියා සිටියේය.