Aug
31
ආණ්ඩුකාරවරු දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරු වේ
පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුගේ බලප‍්‍රදේශ මාරුකර තිබෙනවා.
ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ ජේ එම් මුසම්මිල් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලූරේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේ මෙම දිව්රුම් දීම් සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.