Aug 17

ආය සෙල්ලම් දාන්න බෑ.. වැලිකඩ STF යටතට


ඉදිරි දින කිහිපය තුළ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා.

රැඳවූවන් බැලීමට පැමිණෙන අය පරික්ෂා කිරීමට හා රැඳවූවන්ට ලබා දීමට ගෙන එන පාර්සල් පරික්ෂා කිරීමට මෙන්ම බන්ධනාගාරයේ අවට ආරක්ෂාවටද පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබා ගැනීමට අවධානය යොමුව ඇතැයිද ඔහු සඳහන් කළා.

මීගමුව, බූස්ස හා කොළඹ බන්ධනාගාර තුළ සිටින තවත් නිලධාරීන් කණ්ඩායමක් පිළිබඳවද තොරතුරු ලැබී ඇතැයි ඔහු කියා සිටියා.

විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව ස්ථාන මාරු කිරීම් හෝ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බවද ඔහු පැවසුවා.

මාස දෙකක් තුළ බන්ධනාගාර නිලධාරීන් 15ක් ගෙදර යවයි..!

මේ අතර මාස දෙකක කාලයක් තුළ විවිධ අක්‍රමික ක්‍රියාවලට සම්බන්ධ වු බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් තවත් නිලධාරීන් 19ට ස්ථානමාරුවිම් ලබාදී ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

වැඩ තහනම් කළ නිලධාරීන් අතර සහකාර අධිකාරිවරයෙක්, ප්‍රධාන ජේලර්වරු දෙදෙනෙක්, ජේලර්වරයෙක් සිටින බව ඔහු පැවසීය.

අනිසි ආකාරයෙන් වත්කම් ඉපැයූ බන්ධනාගාර නිලධාරීන්ගේ තොරුතුරු ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් අල්ලස් කොමිසමට යොමුකර ඇති බවත් ඔහු පැවැසීය.

බන්ධනාගාර තුළ යම් නීති විරෝධි කටයුතු සිදුවන්නේ නම් 011-2678 600 යන අංකයට ඇමතුමක් ලබා දී ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලෙසද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.