Aug 11

ඔක්කොම හිරේ දාලා ශානිත් අන්තිමට හිරේ ලගී - සාස්තරේ වැරදුන තැන මෙන්න


මේ සටහන තබන මොහොත වන විට මෙවර මහ මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වී අවසන්ය. ජනාධිපති

ගෝඨාභය රාජපක්‍ෂ රජය විශිෂ්ට ජයක් ලබද්දී ගෙවෙමින් තිබෙන්නේ එක්තරා ආකාරයක ඓතිහාසික අවස්ථාවක් මේ මොහොතේ සදහන් කළහොත් එය නිවැරදි වන්නකි. අපේ මතකය මෑත අතීතයට ගෙන ගියහොත් මින් වසර පහකට පෙරද අද වැනි දිනයක් රට තුළ උදා වී තිබිණි.

ඒ ඉකුත් 2015 වසරේදීය. මහා කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස මේ රටට සාමය දිනා දුන් මහින්ද රාජපක්‍ෂ රජය පරදා එදා යහපාලනය ජය ගනිද්දී ඉන් මාස කිහිපයකට පසු නිවැරදිවම කිවහොත් 2015 වසරේ අගෝස්තු මාසයේදී රටේ ජනමතය විමසමින් අද මෙන්ම මහ මැතිවරණයක් පැවතිණි.

එහිදී ජය හිමිවූයේ එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන යහපාලන පිලටය. එකී ජයග‍්‍රහණයේ සැබෑ උරුමක්කරුවෝ වූවෝ කවරහුද?

වේලූපිල්ලේ ප‍්‍රභාකරන් නම් වූ ම්ලේච්ඡුයාගේ අවසානය සමග වියරු වැටුණු මේ රටට එරෙහි විජාතික බලවේග එම ජයග‍්‍රහණයේ එක් උරුමක්කරුවෝ පිරිසක් වූහ. තවත් පිරිසක් වූයේ බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවය.

දේශීය දෙමළ ජනමතය විකෘතියක් වෙත රැුගෙන යමින් මේ රට තුළ කි‍්‍රයාත්මක බෙදුම්වාදී දෙමළ දේශපාලනය තවත් පසෙකින් ඒ ජයග‍්‍රහණයේ හිමිකරුවන් වෙද්දී උපන් මාතෘ භූමියට එරෙහි වූ එන්ජී ඕ නරුමයෝ තවත් ආකාරයකට ජය සමරන්නට වූහ.

මේ ජයග‍්‍රහණයත් සමඟ දසවසරක් පුරාවට පරාජයේ අමිහිර විදිමින් සිටි එජාපයේ මහා ජන නියෝජිතයන්ගේ අරමුණ ලද අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජනය ගෙන රට සූරා කෑම වූවද ඉහත කී පරිදි සිදු වූ කුමන්ත‍්‍රණයෙන් ජය ලද්දෝ එතැන් සිට බලාපොරොත්තු වූවෝද?

උන්ගේ අරමුණ වූයේ දේශපාලන මයිනහමක් බදු වූ යහපාලනය යොදාගෙන බෙදුම්වාදය හොදහැටි තලා ඔපදමා මුවහත් කරන අතරේ මේ රට බෙදී වෙන්වී ගිය සියලූ ආකාරයෙන් අරාජික වූ රාජ්‍යයක් කිරීම විය.

එහිදී එතෙක් ලක් මවට රැුකවරණය ලබා දුන් ජාතික ආරක්‍ෂාව සුණුවිසුණු කර දමා ඒ වන විට ජාත්‍යන්තරය දක්වා විහිද ගොස් තිබූ ශී‍්‍ර ලාංකීය බුද්ධි ජාලය වනසා දැමීම ඔවුන්ගේ ප‍්‍රබලම ඉලක්කය වූවේය.

මේ වන විට ඉකුත් 2002 වසරේ සිදු වූ ‘මිලේනියම් සිටි’ මහා පාවාදීම හමුවේ දේශපාලනඥයකු වශයෙන් උපරිමයෙන් පරිහානියට පත්ව සිටි යහපාලන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තුළද රටේ බුද්ධි අංශ කෙරෙහි වූයේ ප‍්‍රබල අප‍්‍රසාදයකි.

එසේම අපේකම සහ අපට උරුම සංස්කෘතිය පසෙක දමා මේ බිම තුළ සර්ව ආගමික, සම ලිංගික කොලනියක් බිහිකරන්නට සිහින දුටු එජාපයේ සමනල කල්ලියටද රටේ ජාතික ආරක්‍ෂාව යනු පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් නොවටිනා දෙයක් බවට පත්ව තිබිණි.

එහෙයින් මේ තත්ත්වයෙන් උපරිම ප‍්‍රයෝජනය ගත් කුමන්ත‍්‍රණකරුවෝ කි‍්‍රයාත්මක වන්නට වූහ. මේ සත්‍යය එදා යහපාලනය විසින් නම් කරනු ලැබුවේ සහජීවනය සහ සංහිදියාව ලෙසින්ය.

සියල්ලේ කේන්ද්‍රස්ථානය බවට අරලියගහ මන්දිරය පත්විය. මෙහිදී දඩයම සදහා සුවච කීකරු වූ ඕනෑම කුණු පජාත වැඩක් කිසිදු හිරිකිතයකින් තොරව කළ හැකි දඩබල්ලන් පිරිසක් තෝරා ගැනීමට ද පාලකයන්ට සහ කුමන්ත‍්‍රණකරුවන්ට වුවමනා විය.

ස්වාමියන් පෙන්වා දෙන වපසරිය තුළ නීතිය අවනීතය කරමින් එදා මෙකී දඩ බල්ලන්ගේ භූමිකාවට පණ දුන්නෝ කවරහුද?

පසෙකින් සිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නම් වූ අනීතික සහ ඊනියා පොලිස් ඒකකය මෙහෙය වූ රවි වෛද්‍යාලංකාර නම් වූ පොලිස් ලොක්කා ඇතුළු ධර්ම චක‍්‍රය උර පැළදි නිල ඇදුමන් සැරසී එවකට අරලියගහ මන්දිරයේ වැජඹෙමින් රාජිත, චම්පික ඇතුළු දේශපාලන සාතන්ලාට අනුව සකසා දෙන ලිපි ගොනුව ගෙන විමර්ශන මෙහෙයවූ පොලිස් කුක්කෝය.

මෙකී දේශපාලන දඩයමේදී ඊනියා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයද අභිබවා යමින් කි‍්‍රයාත්මක වූ තවත් පිරිසක්ද වූහ. ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස් යැයි අප විසින් එදා ද නොබියව රටට හදුන්වා දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රජ කළ ශානි අබේසේකර නම් පොලිස්කාරයා ඇතුළු අයි.පී. නිශාන්ත සිල්වා කන්දප්පා, කුප‍්‍රකට ඒ.එස්.පී.බී.එස්. තිසේරා, එස්.අයි. මෙන්ඩිස් සහ මහා පරිමාණ කුඩු ජාවාරම්කාර පුත‍්‍රයකුගේ සීඅයිඞී තාත්තා වූ එස්.අයි. පේ‍්‍රමතිලක ඇතුළු සීඅයිඞීයේ කුජීත කල්ලිය එකී පිරිස වූහ.

‘කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ’ යනුවෙන් උතුම් බුදු දහමට අනුව අප අසා ඇති වදන් පෙළ කිසිදා නොඇසූ උම්මත්තකයෝ පිරිසක් සේ මෙකී කුජීත කල්ලිය එදා යහපාලන බලයෙන් පිම්බී නටන්නට වූහ.

යහපාලනය බලයට එද්දී සහකාර පොලිස් අධිකාරිවරයකුව සිට දේශපාලන කුක්කකු ලෙස නීතිය අතට ගෙන ඕනෑම කුණු වැඩක් කිරීම හමුවේ එක් වසරක් තුළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු දක්වා උසස්වීම් ලබමින් තරු පටි පැළැදි ශානි අබේසේකර ඇතුළු සීඅයිඞීයේ කුජීත කල්ලිය එදා සමස්ත රටම පාවා දුන් දේශපාලන දඩයමක දඩ බල්ලන් වී මිනිස්කම පසෙකලා කි‍්‍රයාත්මක වූයේ පවේ සහ විපාකයේ තරම නොදැනය.

සියල්ල සදාකාලික යැයි ඔවුහු සිතූහ. ඒ අනුව ශානි ඇතුළු පිරිස එදා මුලින්ම ඇරඹූ විමර්ශනය වූයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට එරෙහි මොහොමඞ් සියාම් ඝාතන විමර්ශනය විය.

මෙහිදී සුපිරි විමර්ශකයකු සේ රගන්නට වූ ශානි අබේසේකර කරනු ලැබුවේ කුමක්ද? මොහොමඞ් සියාම් නම් වූ මිනිසා සිය නිවසේ සිට රැුගෙන ආ පවුස්ඞීන් නම් වූ පුද්ගලයා නීතියේ වපසරිය තුළ රජයේ සාක්‍ෂිකරුවකු කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට මරණීය දණ්ඩනය හිමිවන තැන දක්වා කි‍්‍රයාත්මක වීමය.

ඉන් නොනැවතුනු හේ අවසානයේ නීතියට මුවා වී වාස් ගුණවර්ධන පවුලම සුණු විසුණු කරන තරමේ පලිගැනීමක නිරත නොවූයේද?

අද දවසේ ඒ කළකම් හමුවේ ශානි අබේසේකර නම් පොලිස්කාරයා නීතිය ඉදිරියේ සැකකරුවකුව සිටින බැවින් ඉන් එහා යමක් අපි මේ පිළිබදව සටහන් නොකරන්නෙමු. ඒ ගරු අධිකරණය කෙරෙහි වගකිවයුතු මාධ්‍යයක් ලෙස අප තුළ වන ශීර්ෂ ප‍්‍රණාම ගරුත්වය හමුවේය.

මුළු රටම ගන්ධබ්බ යුගයකට ඇද දැමූ ඉකුත් යහපාලනය සමයේ අපේ ඩුප්ලිකෝට් ෂර්ලොක් හෝම්ස් හෙවත් නිසි විමර්ශනයක් තුළින් හෙළි කර ගන්නා පරිවේෂණීය සහ භෞතික සාක්‍ෂි මගින් කිසිදා අධිකරණය ඉදිරියේ නඩුවක් ඔප්පු කර නැති ශානි අබේසේකර නම් වූ දෙකයි පනහේ පොලිස්කාරයා සිය කුජීත කල්ලිය සමග එක්ව සිදු කළ තවත් විමර්ශන බොහෝ විය.

ඒ සියල්ල තුළ සිදු කෙරුණේ මේ රටට එරෙහි විජාතික වුවමනාවන් ඉටුකරමින් බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව සතුටු කරන අතරේ සමස්තය පාවා දීම යැයි කිවහොත් එය ඉතාම නිවැරදිය. මේ ඇත්ත ශානි අබේසේකර සීඅයිඞීයේ රජ කරන සමයේදීද අපි නොබියව රටට කීවෙමු.

ශානි ඇතුළු කල්ලිය එකී පරවාදී වුවමනාවන් ඉටුකරනු ලැබුවේ පසුගිය කාලයේ කි‍්‍රයාත්මක වූ බුද්ධි අංශ දඩයම තුළිනි. ඊනියා මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ විමර්ශනයෙන් ඇරඹී, සැබෑ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදීන් වූ කීත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට එල්ල වූ ප‍්‍රහාරය, වැලිකඩ කැරැුල්ල සහ වසීම් තාජුඞීන් සිද්ධිය ආදී ලෙසින් වූ විමර්ශනවලදී මොවුහු කළ කී අකටයුතුකම් කොතෙක් වූවෝද?

වරක් ඊනියා මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මූලික නඩු විභාගය හෝමාගම මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් තිබියදී එවකට හෝමාගම මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ශානි අබේසේකරගෙන් සෘජු ප‍්‍රශ්නයක් විමසීය.

එකී ප‍්‍රශ්නය වූයේ ප‍්‍රගීත් එක්නැලිගොඩ මැරිලාද නැද්ද යන්නය. එහිදී උගුර කට වියළී ගිය ශානි අබේසේකරට විවෘත අධිකරණය ඉදිරියේ මහෙස්ත‍්‍රාත්වරයා ඇසූ ඒ ප‍්‍රශ්නයට දෙන්නට පිළිතුරක් නොතිබිණි.

අපේ කාලයේ ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස් ලෙස රගන්නට වූ ශානි අබේසේකර මොන්ටිසෝරි පැංචකු සේ එහිදී කීවේ එක්නැලිගොඩ මැරිලාද නැද්ද යන්න විමසිය යුත්තේ අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි නිලධාරීන්ගෙන් යැයි කියාය.

එහිදී හෝමාගම මහෙස්ත‍්‍රාත්ව සිටි රංග දිසානායක මහතා ශානි අබේසේකරගෙන් විමසූ ඊළග ප‍්‍රශ්නය වූයේ

එක්නැලිගොඩ මැරිලාද නැද්ද යන්න නොදන්නේ නම් අත්අඩංගුවට ගත් බුද්ධි නිලධාරීන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල කරනු ලැබුවේ කෙසේද යන්නය. ඒ අවස්ථාවේ ශානි අබේසේකර කළේ ගොළු කොලූවකු සේ මහෙස්ත‍්‍රාත්වරයා දෙස ඔහේ බලා සිටීම විය.

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතන නඩු විභාගය ගල්කිස්ස අධිකරණයේ විභාග වෙද්දී ශානි අබේසේකරගේ සුවච කීකරු කුක්කා ලෙස එදා රගන්නට වූ සීඅයිඞීයේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපතිව සිටි නිශාන්ත සිල්වා කන්දප්පා අවස්ථා කීයකදී නම් ලසන්ත මැරුවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ යැයි හ`ඩන`ගා විවෘත අධිකරණය ඉදිරියේ පැවසුවේද?

නිශාන්ත කන්දප්පා එසේ පවසද්දී ඇතැම් අවස්ථාවල කටුස්සකු සේ හිස වනා අවට ජනතාවට පෙනෙන්නට ශානි අබේසේකර එය තහවුරු කළ අවස්ථා කෙතෙක් තිබුණේද? එහෙත් මේ කිසිවකටත් සාක්‍ෂි නොවීය.

තිබුණේ අධිකරණ ඉදිරියට එන ශානි අබේසේකර ඇතුළු කුජීත කල්ලිය විසින් නිර්මාණය කළ කතාන්දරය. කීත් නොයාර්ට පහර දීම හමුවේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් බුලත්වත්ත ඇතුළු පිරිසක්ම දුරකථන සංවාදයක් මත අත්අඩංගුවට ගත් මොවුන් එදා අවසානයේ යුද සමයේ යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂවරයාව සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරව ද අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබීය.

සියල්ල සිදු වූයේ එකී නිලධාරීන් දුරකථන භාවිත කිරීමේ වරදටය. ශානිලාගේ විමර්ශන තිබුණේ එවන් වූ කාලකණ්ණි මානයන්වලය. දඩයම තුළ සැබෑවටම සිදු කෙරුණේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට එරෙහිව දිවි පරදුවට තබා බුද්ධි මෙහෙයුම් සිදු කළ සියලූ බුද්ධි නිලධාරීන් වැලිකඩ මහ උළුගෙදරට යැවීම විය.

වැල්ලවත්තේදී තරුණයන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්දෙනකු පැහැර ගත්තේ යැයි කියමින් සිදු කළ විමර්ශනයේදී කෙරුණේ කුමක්ද? නාවික හමුදා බුද්ධි බළකායේ සිටි අති දක්‍ෂයන් වූ කමාන්ඩර් සුමිත් රණසිංහ, ප‍්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන අවසානයේ වත්මන් රියර් අද්මිරාල් ඞීකේපී දසනායක අත්අඩංගුවට ගෙන සිරගත කරන තැන දක්වාම එකී විමර්ශනය ඉදිරියට ගෙන ගියේය.

එහිදී ශානිලාගේ අවසන් ඉලක්කය බවට පත්ව තිබුණේ එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී නාවික හමුදාවට නායකත්වය දුන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ද අත්අඩංගුවට ගෙන ඉන් අනතුරුව වත්මන් ජනාධිපති

ගෝඨාභය රාජපක්‍ෂ මහතා එයට පටලවා සිරගත කිරීම විය.

මේ සියල්ල සිදු කෙරුණේ පැහැදිලි සාක්‍ෂි කිසිත් නොමැතිවය. ඒ බව ශානි අබේසේකරගේ හෘද සාක්‍ෂිය හොදින්ම දැන් සිටින්නකි. වැලිකඩ කැරැුල්ල පිළිබඳ විමර්ශනයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අත්අඩංගුවට ගෙන ශානි අබේසේකර නම් වූ පොලිස්කාරයා එදා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේද ගෝඨාභය රාජපක්‍ෂවය.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ බලලත් නිලධාරී පේ‍්‍රමානන්ද උදලාගම අත්අඩංගුවට ගෙන ශානි කියා තිබුණේද ගෝඨාභයගේ නම කියන ලෙසය.

එක්නැලිගොඩ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලූතිනන් කර්නල් ශම්මි කුමාරරත්න සහ ප‍්‍රබෝධය සිරිවර්ධන ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් මොහොතේදීද ශානි අබේසේකරට වුවමනා වී තිබුණේ ඒ එක් නිලධාරියකුගේ හෝ මුවින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ නම කියවා ගැනීමටය.

එකී උත්සාහය අසාර්ථක වූ තැන වියරු වැටුණු ශානි අබේසේකර ඇතුළු සීඅයිඞීයේ කුජීත කල්ලිය අවසානයේ පසුගිය ජනාධිපතිවරණයට පෙර

ගෝඨාභය රාජපක්‍ෂයන් සිරගත කිරීමට කොතරම් උත්සාහයක් දැරුවේද? ගෝඨාභයගමනය නතර කිරීම එහිදී ශානිලා භාරගෙන තිබූ දේශපාලන කොන්ත‍්‍රාත්තුව විය.

එය කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව පමණක් නොව ඉන් එහා වූ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන් දක්වා විහිද ගිය කොන්ත‍්‍රාත්තුවක් වී තිබුණු බව ඉකුත් ජනාධිපතිවරණය සමයේ පැහැදිලිව පෙනෙන්නට තිබූ කරුණක් විය.

සියල්ල තුළ තිබුණේ සාක්‍ෂි නිර්මාණය කර අධිකරණය නොමග යවමින් සිය දඩයමේ ඉලක්ක සපුරා ගැනීමේ ශානි අබේසේකරලා ගත් උත්සාහයන් ය. එදා ශානිලා මෙසේ යහපාලන බලය අතට ගෙන සියලූ අකටයුතුකම් කරද්දී ඒ පිළිබද රටට කියන්නට අපි පසුබට නොවුණෙමු.

එහිදී මේ ලියුම්කරු අරබයා ශානි අබේසේකර නම් වූ පොලිස්කාරයා මුදාහළ ප‍්‍රහාරාත්මක පලිගැනීම මෙතෙකැයි කිව නොහැකි තරමේ කාලකණ්ණි එකක්ම විය. අපි ඒ පිළිබද මින් එහා කිසිත් නොකියමු.

මේ සියල්ලේ අවසානය සටහන් වූයේ ඉකුත් ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජය ගැනීමත් සමගය. ඒ් ජයග‍්‍රහණයත් සමග ශානිගේ සුවච කීකරු ගෝලයා වූ නිශාන්ත සිල්වා කන්දප්පා රටින් පැනගිය බව අද සියල්ලෝ දන්නා කරුණක් බවට පත්ව ඇත්තාහ.

මේ මොහොත වන විට පොලිසියේ රස්සාව ද අහිමි වූ ශානි අබේසේකර නම් වූ පව්කාර පොලිස්කාරයා සිටින්නේ වාස් ගුණවර්ධන නඩු විභාගය අවස්ථාවේ සාක්‍ෂි වසන් කිරීමේ චෝදනාවකට අනුව මහර බන්ධනාගාර රෝහලේ සයනයක් මතය.

බන්ධනාගාර ගතකිරීමත් සමග ශානි අබේසේකරට වැළඳුනු අට අනූවක් රෝග සහ නව අනූවක් ව්‍යාධි ඔහු බන්ධනාගාර රෝහලට යැවීමට හේතු වී ඇත. එහෙත් ශානි සීඅයිඞීයේ රජ කරන සමයේ අත්අඩංගුවට ගත් රණවිරුවන්

බන්ධනාගාර රෝහලේ සිටියදී ඔවුන් කනබොන දෑ සොයමින් බන්ධනාගාර වැසිකිළි වළවල් පිරික්සන තරමේ විමර්ශකයන් බවට ශානි ඇතුළු සීඅයිඞීයේ කුජීත කල්ලිය පත්ව සිටියහ.

පව්කාරයාට පාපය හමුවේ විපාකය ලැබෙන්නේ මෙසේ යැයි රෝහල් සයනයේ සිටින ශානි අබේසේකරට අද වැටහෙනවා විය යුතුය.

ශානිගේ තනියට එදා සීඅයිඞී කුජීත කල්ලියේ සිටි එස්අයි මෙන්ඩිස් ද කල්දේරම් බත බුදින්නට ගොස් ඇත. කුඩු ජාවාරම්කරුවකු වූ පුතාගේ තාත්තා එස්අයි පේ‍්‍රමතිලක පොලිසියෙන් බේරීමට සැගවී සිටින්නේය.

අද දවසේ දිට්ඨ ධම්මවේදනීය කර්මය ශානි අබේසේකර ඇතුළු සීඅයිඞීයේ රජ කළ අපතයන්ට පලදී තිබෙන්නේ එලෙසිනි. එහෙත් ඔවුන් මේ මොහොත වන විට සැකකරුවන් බවට පත්ව ඇත්තේ එක් සිදුවීමක් අරබයා පමණි.

ශානිලාට නීතිය කි‍්‍රයාත්මක කළ යුතු වූ තවත් බොහෝ සිදුවීම් ඇත. නියත වශයෙන්ම ඒ සියල්ලට නීතිය කි‍්‍රයාත්මක විය යුතුමය. හැටනව ලක්‍ෂයක ජන බලයකින් ගෝඨාභය රාජපක්‍ෂට මෙවර මැතිවරණයේදී තුනෙන් දෙකක් බලයක් ලබා දෙන්නට ද රටේ ජනතාව කටයුතු කරනු ලැබුවේ රට වෙනුවෙන් සියල්ල කරන අතරේ බඩ වෙනුවෙන් රට පාවා දුන් ශානි අබේසේකර ඇතුළු එදා සීඅයිඞීයේ රජ කළ කුජීත කල්ලියට එරෙහිව නිසි පියවර ගැනීම පිණිස බවද ආණ්ඩුව තරයේ සිහිතබා ගත යුතුය.

සමන් ගමගේ - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.