Aug 11

15 හැවිරිදි පිරිමි දරුවෙකුට කැත වැඩක් කරපු විවාහක කාන්තාව


බාලවයස්කාර පිරිමි දරුවෙකු වැඩිහිටි කාන්තාවක විසින් බරතපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට පසුගිය දිනෙක ළමාරක්ෂක අධිකාරියේ 1929 අංකයට තොරතුරක් ලැබුණා.

එම තොරතුරට අදාළ දරුවා සිටින්නේ මැදිරිගිරිය පොලස් වසමේ යි. එබැවින්... ළමාරක්ෂක අධිකාරිය මේ තොරතුර මැදිරිගිරිය පොලිසියට දැනුම් දී තිබුණා. ස්ථානාධිපති වසන්ත පිටිගල මෙම විමර්ශන ළමා හා කාන්තා කාර්යාංශයට පවරනු ලැබුවා.

එදින යද්දි නිවසේ පවුල් දෙකකි. එකක් බාල වයස්කාර දරුවා හා ඔහු කැන්දා ගෙන ආ තරුණියයි. අනෙක් පවුල දරුවාගේ පියා හා ඔහුගේ දෙවන විවාහයේ බිරියයි. මේ පිරිමි දරුවාගේ බාල සහෝදරිය ද නිවසේ සිටියා.

විමර්ශන-වලට ගිය සමාධි ඇතුළු පොලිස් කණ්ඩායමට බාලවස්කාර පිරිමි දරුවෙකු දකින්නට සිටියේ නැහැ. මවුපිය යුවළට අමතරව අඩි පහයි අඟල් පහක් පමණ උස රැවුල කොණ්ඩය වවාගත් වයස අවුරුදු විසි පහක පමණ තරුණයෙකුත් ඔහුට වඩා අඩු වයසේ යැයි සඳහන් කළ හැකි තරුණියකුත් ඔවුන් දුටුවා.

එබැවින් බාල වයස්කාර කතන්දරය කුමක් දැයි යන්න සිතා ගැනීමට ඔවුන්ට අපහසු වුනා.

පොලිසියට කැඳවාගෙන විත් කටඋත්තරයක් ලබා ගැනීමේදී අර තරුණයා පවසා සිටියේ තමාගේ වයස අවුරුදු පහළොවක් බවයි. එවිට... ඔහුගේ පෙම්වතියගේ ඇස් උඩ ගියේ ඉබේටමයි.

"ඔයාට වයස අවුරුදු පහළොවද? මම වයස ඇහුවම කිව්වෙත් නෑ. අයිඩින්ටිය ඉල්ලුවම නැති වෙලා කියලයි කිව්වේ.."

ඇය.... එලෙස පවසද්දි සැරයන් සමාධිට ද මෙය උභතෝකෝටික ප්‍රශ්නයක් වුනා.

ඉන් අනතුරුව ඇය කළේ මේ තරුණ පිරිමි ළමයාගේ උප්පැන්නය පරීක්ෂා කිරීමයි. ඔහු පවසන්නේ ඇත්තයි. උස මහත රැවුල් කොණ්ඩ වවාගෙන, කනේ කරාබු දාගෙන සිටින මේ තරුණයාගේ වයස අවුරුදු පහළොවකි. එනම් ඔහු තවමත් බාලවයස්කරුවෙකි.

ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීමේදී ඇය පවසා සිටියේ තම පෙම්වතා බාලවස්කරුවෙකු බව දැන සිටියේ නම් කිසි දිනෙක මෙවැනි ඇසුරක නොපැටළෙන බවයි.

ඇය විවාහක කතක්. පදිංචිය හබරණ පැත්තේ ය. සැමියාගේ වෘත්තිය වූයේ සෆාරියක් පවත්වාගෙන යාමයි. විවාහ වී කලක් ගත වී ඇතත් දරුවන් ද නැත. මෙලෙස කල් ගත වෙද්දි සැමියා අනියම් ඇසුරක පැටලී ඇති බව ඇයට දැනගන්නට ලැබුණා.

අනතුරුව පවුල් ආරවුල් හටගත් අතර සැමියා ඇයට නොසලකා හරින්නට පටන් ගත්තා. සැමියාගේ අනියම් බිරියගේ කසාඳ සැමියා හදිසි අනතුරකින් මිය යන්නේ ඔය අතරතුරයි.

"ඒ මළගෙදරට ගියා ට පස්සේ ඒ මිනිහා ආපහු ගෙවල් පැත්ත පළාතේ ආවේ නෑ. මීට ටික කලකට කලින් මගේ උගුරේ පිළිකාවක් ඇවිත් ඔපරේෂන් කරලා ඒක අරන් දැම්මා. ඊට පස්සෙ මගේ ඇඟේ ලෝම වැවෙන්න පටන් ගත්තා. මම බැඳලා හිටපු මිනිහට ඒකත් ලොකු ප්‍රශ්නයක් වුනා.."

සිරුර පුරා රෝම වැවී තිබුණත් ඇගේ පෙනුම ළාබාල තරුණියක මෙන් වුනා. ඇය පවසන පරිදි අනියම් බිරියගේ සැමියා මිය යාමෙන් අනතුරව සැමියා, දරු තිදෙනෙකුගෙන් යුතු ඒ පවුල බාර ගෙන තිබුණා. ඒ සැමියා මිය යන්නට මුල් වූයේ ද ඇය බව කියමින් සැමියා ඇයට දොස් නඟා තිබුණා.

අනතුරුව පියාගේ රැකවරණයට පත් වූ ඇයට මේ පිරිමි දරුවා හමුවන්නේ ජංගම දුරකථනය හරහා යි. එනම් වැරදි අංකයකින් නොඑසේ නම් "මිස් කෝල්" එකකිනි.

"මිස් කෝල්" එකෙන් ඇරඹුණු කතාබහ දුරදිග ගිය අතර අනතුරුව දෙදෙනා පෙම්වතුන් බවට පත් වුනා. ඇගේ පෙම්වතා රැකියාවලද නිරතව සිටියා. කොළඹ ඉදිරිකිරීම් පරිශ්‍රවල අත්උදව්කරුවෙකු ලෙස සේවය කර ඇති ඔහු කොළඹ රස්තියාදුකාරයන්ගේ මෝස්තර ද ඇඳාගෙන තිබුණා.

ඒ අනුව කොණ්ඩය මෙන්ම රැවුල ද වවාගත් ඔහු කනට කරාබු දමා නවීන පන්නයේ තරුණයෙකු ලෙස පෙනී සිටියා. අනතුරුව මොහු ගම්පහ පැත්තේ අන්නාසි වත්තක රැකියාවක් සොයාගෙන තිබෙනවා.

කුලී වැඩ කළ ද පෙම්වතා කඩවසම් ය. සැමියාගේ නොසැලකීම් හමුවේ තමන්ට ආදරය කරන්නට ඉදිරිපත් වූ පෙම්වතා කෙරෙහි ඇය විශ්වාසය තබා ගත්තා. ඇය ඔහු සොයාගෙන ගම්පහ අන්නාසි වත්තට එන්නේ තව දුරටත් තනිව ජීවත් වීම නීරස වීම නිසායි.

එදින අන්නාසි වත්තේ ගත කරන යුවළ පසුදින මැදිරිගිරියේ පිහිටි පෙම්වතාගේ නිවසට පැමිණියා. ඔවුන්ට එන විට නිවසේ කල් ගෙවූ පියා, කුඩම්මා, හා නැගණිය මහ ගෙදර ගොස් සිටියා. එබැවින් එදින ද ඔවුන්ගේ නිදහසට බාධාවක් පැමිණීයේ නැහැ.

ඔවුන් එසේ සිතා ගෙදරට ගුලි වුවද මේ ගෙදර සිද්ධ වෙන දේ ඇස ගසාගෙන සිටින කිසිවෙකු හෝ අසල්වැසියන් අතර සිට තිබෙනවා. ඒ පුද්ගලයින් මීට පෙර සිට ද මේ පිරිමි දරුවාට වන කරදර හිරිහැර ගැන පොලිසියට දැනුම් දී තිබුණා.

මේ දරුවාගේ මව විදෙස් ගතවයි සිටින්නේ. රැකියාවට සමුදී මෙරටට පැමිණි ඇය සිය දරු දෙදෙනාට නොසලකා හැරි අතර ඒ ගැන පොලිසියට නිර්නාමික පැමිණිලිද ලැබුණා. පසුව මව වෙනත් පුරුෂයෙකු සමඟ පැන ගොස් තිබුණා.

දරු දෙදෙනා සමඟ තනිවූ පියා ටික දිනකින් වෙනත් ස්ත්‍රීයක් කැන්දාගෙන එන අතර ඇයගෙන් මොවුන්ට සැලකුම් ලැබෙන්නේ නැහැ. ළාබාල ගැටවරයා ඉගෙනුම පසෙක ලා රැකියා සොයාගෙන යන්නේ ළාබාල සමයේ පසුවුවත් කරදඬු උස්මහක් වූ තරුණයෙකු යන සිතුවිල්ල මතයි.

ජාතික හැඳුනුම්පතක් හෝ නොමැති ඔහුට ස්ථාන දෙකකින්ම රැකියා ලැබී තිබුණේ මොහුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමකින් තොරව දුටු විට හැඩි දැඩි තරුණයෙකු ලෙස පෙණුනු නිසයි.

විවාහක පෙම්වතියගේ සැමියා පොලිසියට පැමිණ පවසා තිබුණේ තමාට බිරිඳ අවශ්‍ය නොවන බවයි.

"ඒ දරුවෝ තුන් දෙනාගෙන් පුංචිම දරුවා මට තාත්තේ කියලා කියන්නේ. එයාලව දාලා මම කොහෙත්ම මෙයාව බාර ගන්නේ නම් නෑ. මම මෙයාව දික්කසාද කරලා දානවා.."

කෙසේ වෙතත් බාලවයස් කාර පිරිමි දරුවෙකු දරුණු ලෙස ලිංගික අපයෝජනය ලක් කිරීමේ චෝදනාව යටතේ මැයට නඩු පැවරුණු අතර ඇය බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් නියෝග ලැබුණා.

පිරිමි දරුවාට තම නිවසට යාමට අවස්ථාව උදා වූයේ පරිවාස අධික්ෂණය යටතේ ඔහු පියාගේ භාරයට පත් කිරීම නිසා යි.

මේ පෙම් කතාවේ ඉතිරිය කෙසේ වේදැයි සිතාගත නොහැකියි. ඒ.. තව වසර තුනක් ගෙවී ගිය විට මේ ළාබාල කොල්ලා තරුණයෙකු වී විවාහයක් කර ගැනීමට හැකි වයසට පත්වන නිසායි. එදින ඔහු ගන්නා තීරණය කුමක් විය හැකි ද?

තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.