Aug
17
අලුත් පාර්ලිමේන්තුව රැස්වෙන්නත් පෙර අලුත් ආණ්ඩුවට විරුද්ධව විරෝධතාවක්…
උපාධිධාරීන් සදහා මෙවර රැකියා ලබාදීමේ අසාධාරණයකට ලක් වී යැයි පවසමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් විරෝධතාවක් කැඳවා තිබේ.
හෙට උදෑසන කොටුව දුම්රියපොළ ඉදිරියේ දී මෙම විරෝධතාව පැවැත්වීමට සූදානම් කර ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ මැතිවරණයට පෙර බඳවාගත් ඇතැම් පිරිස් ද මෙවර ප්රසිද්ද කර ඇති ලැයිස්තුවෙන් ඉවත් කර දමා ඇති බවයි.
ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ පෞද්ගලික අංශයේ සුළු රැකියාවක් කිරීමේ යයිද සංගමය සඳහන් කරයි.
-lankacnews