Aug 15

මිතුරාගේ පෙම්වතිය බීමත්ව නිදා සිටියදී ඇයට කැත වැඩක් කරපු ලාංකිකයෙකුට නවසීලන්තදී ලැබුණු දඬුවම


සිය මිතුරෙකුගේ පෙම්වතිය බීමත්ව නිදා සිටියදී ඇයට ලිංගික අතවර කළ බවට වරදකරු වූ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු එරටින් පිටුවහල් කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් දිස්ත්‍රික් අධිකරණය අද (අගෝස්තු 14) වැරදිකරු වූ ඔහුට වසර දෙකක සහ මාස 8ක සිර දඬුවම් නියම කළේය.

නවසීලන්ත මාධ්‍ය වාර්තා කළේ, අරුමාදුර මනෝජ් ක්‍රිෂ්ණන් දයාචන්ද්‍ර ද සිල්වා නමැති 30 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට එසේ සිර දඬුවම් නියම වූ බවය. ඔහු නවසීලන්තයේ වාසය කරනුයේ, 2014 වසරේ සිටය.

2018 වසරේ නොවැම්බර් 10 වන දා රාත්‍රී කාලයේ ක්‍රිෂ්ණන් ඔහුගේ මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කිරීම සඳහා ගොස් තිබිණි. එම පිරිස රාත්‍රී 11.30ට පමණ නැවත ඔවුන්ගේ නවාතැනක් වෙත පැමිණ තිබිණි. එහිදී ද මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් ඔවුන් මත්පැන් පානය කර තිබුණු බව අනාවරණය වී තිබේ.

අතවරයට ලක්වූ තරුණිය පවසා ඇත්තේ, සිය පෙම්වතා බීමතින් පුටුවක් මත නිදා සිටි අතරතුර ඇය ක්‍රිෂ්ණන් සහ තවත් මිතුරෙකු සමග තවදුරටත් මත්පැන් පානය කළ බවය. පසුව අධික මත්භාවයට ලක්ව ඇති ඇය සිය පෙම්වතාගේ කාමරයට ගොස් එහි තිබූ ඇඳක් මත නිදා ගත් බව ද ඇය පවසා තිබිණි.

පසුව මද වේලාවකින් ඇය අවදි වූ අවස්ථාවේ ඇය දැක ඇත්තේ, යම් කිසිවෙකු තමන් සමග ලිංගික ක්‍රියාකාරකම් කිරීමට උත්සහ කරමින් සිටි ආකාරයයි. එම පුද්ගලයා සිය පෙම්වතා බවට ඇය උපකල්පනය කර ඇති අතර පසුව ඔහු නොවන බව ඇය වටහාගෙන ඇත.

එම සැකය මත කාමරයේ විදුලි බුබුළු දැල්වූ විට පෙනී ගොස් ඇත්තේ, ක්‍රිෂ්ණන් නමැත්තා සිය ඇඳ මත සිටි බවය.

මෙම නඩුව විභාග කළ ක්‍රයිස්ට්චර්ච් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු ටොම් ගිල්බර්ට් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා ඇත්තේ, සිද්ධිය වී මාස 21ක් ගත වුව ද, තවමත් වින්දිත තරුණිය මානසික පීඩනයකින් පසුවන බවය.

විත්තිකරුට එරෙහිව නඩු තීන්දුව දීමේදී මිතුරාගේ සහ ඔහුගේ පෙම්වතියගේ විශ්වාසය කඩ කිරීම ද සැලකිල්ලට ගෙන තිබිණි.

මේ අතර, ක්‍රිෂ්ණන් ද සිල්වා නමැති මෙම වරදකරු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ද ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ව්‍යාජ මුදල් නෝට්ටු පරිහරණය කිරීම ඇතුළු චෝදනා 17කට වැරදිකරු බවට පත්විය.

ක්‍රයිස්ට්චර්ච් අධිකරණය නියෝග කර ඇත්තේ, දැනට රඳවා සිටින බන්ධනාගාරයෙන් ඔහු ඉවත් කිරීමෙන් පසු රටින් පිටුවහල් කරන ලෙසටය.

කුමුදු ජයවර්ධන - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.