Aug
15
රණ්ඩුව මැද ජෝන්ට පින පෑදේ, ජාතිත ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රීධූරය සඳහා ජෝන් අමරතුංග මහතා පත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්ථා වේ.
ඊට හේතු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ විසින් ඊයේ රාත්රී 12.00 ට පෙර ජාතික ලයිස්තු අසුන සදහා පුද්ගලයෙකු නම් නොකිරීමයි.
එජාප ජාතික ලැයිස්තුවේ මුලින්ම නම් සඳහන් ව ඇත්තේ ජෝන් අමරතුංග මහතා නිසා මැතිවරණ කොමිෂන් සභා විසින් බොහෝ දුරට ඔහුගේ නම ගැසට් කිරීමට කටයුතු කරනු ඇත.