Aug
20
9 වන පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන
ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන නම් කර තෝරාපත් කර ගනු ලැබුවා.
ඒ අද (20) උදෑසන 9.30ට න්‍යාය පත්රානුකූලව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම ආරම්භ කිරීමෙන් අනතුරුවයි.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධනගේ නම යෝජනා කළ අතර, එම යෝජනාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් ස්ථිර කරනු ලැබීය.