Aug
20
අද රැස්වන පාර්ලිමේන්තුවේ ඉතිහාසය වෙනස් කරන කරුණු මෙන්න
අද (20) ආරම්භ වන නව වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම විශේෂතා රැසකින් සමන්විත වනවා.
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරුන් ගණන 81 ක්. වයස අවුරුදු 25 ත් 40 ත් අතර පසුවන මන්ත්‍රීවරුන් 25 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින අතර අවුරුදු 81 ත් 90 ත් අතර වයස් කාණ්ඩය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.
වාසුදේව නානායක්කාර, ආර් සම්බන්ධන්, සීවී විග්නේෂ්වරන් එම මන්ත්‍රීවරුන් තිදෙනායි.
මෙවර මහමැතිවරණයේ ප්‍රථිඵල අනුව එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා මෙතෙක් කිසිවෙකු නම් නොකිරීම හේතුවෙන් අද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට නියමිතව ඇත්තේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 223 දෙනෙකු පමණයි.
ඒ අනුව, වසර 73 කට පසු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු නොමැතිව පාර්ලිමේන්තුව රැස් වන පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක් වනවා.
එමෙන්ම, අධිකරණයෙන් දඩුවම් නියම වී සිටින පේ‍්‍රමලාල් ජයසේකර සහ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිවනේශතුරෙයි චන්ද්රකාන් යන මත්රීවරුන් දෙදෙනා අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන්නේ අධිකරණයේ විශේෂ අවසරයන්ට අනුවයි.
තවද සමාරම්භක රැස්වීම කැඳවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රකාශන පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් කියවීම අද පළමුව සිදු කෙරෙනවා.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 1 ට අනුකූලව මෙම රැස්වීමේ ප්‍රධානතම කර්තව්‍ය වන කතානායකවරයෙකු තෝරාපත්කර ගැනීම සිදු කෙරෙනු ඇති.
එම කටයුතුවලින් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවන අතර පස්වරු 03.00 ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33-2 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම එම අවස්ථාවේ සිදු වනවා.
නව වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් එහිදී සිදු කිරීමට නියමිතයි.
මන්ත්‍රීවරුන්ගේ ආසන පැනවීම පස්වරුවේ පැවැත්වෙන රැස්වීමේදී සිදු කෙරෙන බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක වැඩිදුරටත් සඳහන් කළේ.
කෝවිඞ් 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් මෙවර පාර්ලිමේන්තුව රැස් වන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි. අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කි‍්‍රයාවට නැංවීමට සියළු කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ජනාධිපතිවරයාගේ උපදෙස් මත චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළා.