Aug 10

සුවිශේෂී ගැසට් නිවේදනය - අමාත්‍යාංශ 28 සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 මෙන්න


අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් යුතු, නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ගැසට් කෙරේ.

නව රජයේ අමාත්‍ය මණ්ඩල ව්‍යුහය ඇතුළත් ගැසට් නිවේදනය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා.

අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40ක් සඳහා පැවරෙන වගකීම් පිළිබඳව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට පෙර සිටම දැනුවත් කිරීම සුවිශේෂී කරුණක්.

නව කැබිනට් මණ්ඩලය අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විතයි.

එක් එක් අමාත්‍යාංශවල සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්වන නීති හා අණපනත් ඊට ඇතුළත් වනවා.

අමාත්‍යාංශ සකස් කිරීමේදී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව අභ්‍යන්තර, ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයට රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් ඇතුළත් වන අතර, එහි ව්‍යුහයන් වන්නේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයයි.

එමෙන්ම, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ද ඊට ඇතුළත්.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘති කටයුතු අමාත්‍යාංශයට ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ද ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට රාජ්‍ය අමාත්‍යාංශ 3ක් ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

අධිකරණ අමාත්‍යාංශයට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය අයත් වනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට ද රාජ්‍ය අමාත්‍යාංශ ඇතුලත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතට රාජ්‍ය අමාත්‍යාංශ 4ක් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල්, යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කර ඇති එක් රාජ්‍ය අමාත්‍යාංශයක්.

එමෙන්ම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන මෙන්ම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් ලෙස ද රාජ්‍ය අමාත්‍යාංශයක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.

මීට අමතරව දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයක් නම් කිරීමට ද මෙවර කටයුතු කිරීම විශේෂත්වයක්.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.

එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයට පත් කර ඇති තවත් රාජ්‍ය අමාත්‍යාංශයක් වනුයේ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යයයි.

නව රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට රාජ්‍ය අමාත්‍යාංශ 3ක් නම් කර තිබෙනවා.

එමෙන්ම, වාරිමාර්ග අමාත්‍යාංශයට රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් සහ වැවිළි අමාත්‍යාංශයට රාජ්‍ය අමාත්‍යාංශ 3ක් ඇතුළත් කරමිනුයි ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කෙරුණේ.

එමෙන්ම, ඉඩම්, ධීවර, ජල සම්පාදන, විදුලිබල, බලශක්ති, වරාය හා නාවික, මහා මාර්ග, ප්‍රවාහන යන අමාත්‍යාංශ මෙන්ම තරුණ හා ක්‍රීඩා යන ලෙස අමාත්‍යාංශ ද වෙන් කර තිබෙනවා.

මීට අමතරව සංචාරක, වෙළඳ, ජනමාධ්‍ය සහ කම්කරු, පරිසර මෙන්ම වනජීවි හා වන සංරක්ෂණ ලෙස ද අමාත්‍යාංශ වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂි ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනුමාතෘකා යටතේ පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව, අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිඟා පරිශ්‍රයේ මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.