Aug
08
අභාවප්රාප්ත රංජිත් ද සොයිසාගේ ජනවරමින් ජයගත් බිරිඳ මුදිතා සොයිසා
රංජිත් සොයිසා මන්ත්රීතුමාගේ ජනතා ඡන්දය මට ලැබීම ගැන සතුටු වෙනවා. එතුමා නැවතුණු තැන ඉඳලා මම ජනතාව වෙනුවෙන් අවංකවම කැප වෙනවා... යැයි අභාවප්රාප්ත රත්නපුර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් ද සොයිසා මහතාගේ බිරිඳ වන මුදිතා ප්රිශාන්ති ද සොයිසා මහත්මිය ඊයේ (07 දා) පැවසුවාය.
ඇය මෙවර මහ මැතිවරණයේදී මනාප ඡුන්ද 65,933 ක් ලබාගෙන රත්නපුර දිස්ත්රික්කයේ 7 වැනියා බවට පත්ව සිටින්නීය.
මෙහිදී තවදුරටත් කතා කළ ඇය මෙසේද කියා සිටියාය.
‘‘මට අද හරිම සතුටු දිනයක්. මගේ මහත්තයාගේ ඡන්ද ටික මට හිමිවුණා. මේ රත්නපුර ජනතාව මහත්තයාට කොච්චර ආදරේද කියන එක මේ මනාපවලින් හොඳට තේරුම් යනවා. රංජිත් සොයිසා මහත්තයා ජනතාවගේ ප්රශ්න වෙනුවෙන් හැම වෙලාවෙම පෙනී සිටියා. ඒ වගේම එතුමා මේ ජනතා ප්රශ්න විසඳන්නත් නිරන්තරයෙන්ම මැදිහත් වුණා. එතුමා සමහර වෙලාවට තමන්ගේ ජීවිතය ගැනවත් හිතුවේ නැහැ.
දැන් මේ රක්වාන ආසනය කියන්නෙ පතල් කර්මාන්තය, තේ දළු, ගම්මිරිස් වැනි සුළු අපනයන භෝගවලින් තම ජීවිතය ගොඩ නඟාගන්න උත්සාහ කරන ජනතාවක් වාසය කරන ප්රදේශයක් කිව්වොත් නිවැරැුදියි. ඉතිං මේ තේ දලූවලින්, ගම්මිරිස් වැනි සුළු අපනයන භෝග යනාදියේ මිල පහළ වැටිලයි තියෙන්නෙ. මේ තත්ත්වය උඩ මෙම ජනතාව ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන්. මේ නිසා ඒ සුළු අපනයන භෝගවල මිල ඉහළ දමා දෙන්න මැදිහත් වෙනවා.
ඒ වගේම ප්රදේශයේ මාර්ග බොහෝමයක් අබලන් තත්ත්වයේ තිබෙන්නෙ. අන්න ඒ නිසා එම මාර්ග සියල්ලම කාපට් කර සංවර්ධනය කරදෙන්න කටයුතු කරනවා. දැනටමත් කිලෝමීටර් අටක දුරකින් යුත් අටකලන්පන්න, පනාවල පාර සංවර්ධනය කරමින් තිබෙනවා. මේ මාර්ගයත් වසර ගණනාවක් අබලන් තත්ත්වයේ තිබුණු මාර්ගයක්.
- දිවයින