Aug 06

මහින්ද නිකවැරටියේදී ඡන්ද නීති කැඩුවාද.. ඇසින් දුටු සාක්‍ෂි මෙන්න


ඊයේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීම අතරතුරදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිකවැරටිය ප්‍රදේශයේ දී ඡන්ද නීති කඩමින් හැසිරුණු බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් නායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

2020 අගෝස්තු මස 05වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකවැරටියේදී මැතිවරණ නීති උල්ලංඝනය කලා යැයි ජාතික ජන බලවේගයේ නාමල් කරුණාරත්න කරන චෝදනාව අමූලික අසත්‍යයක් බව මුලින්ම ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

මහසෙන් විද්‍යාලය හා ජයන්ති විද්‍යාලය අසල වාහන තදබදයක් ඇති වූයේ සෞභාග්‍යයේ දැක්ම යටතේ එහි මාර්ගය සංවර්ධනය හා ඉදිකිරීම් නිසාවෙන් බව කියනු කැමැත්තෙමි. සංවර්ධන කටයුතුවලට නිතරම බාධා පමුණුවන ජාතික ජන බලවේගයේ නාමල් කරුණාරත්නට මාර්ග තදබදය ඇතිවූයේ සංවර්ධන කටයුත්තක් නිසා බව නොපෙනීම හා ජනතාවට සෙතක් සැලසෙන සංවර්ධනය ගැන ප්‍රශංසාවට ලක් නොකිරීමට තරම් කශේරුකාවක් නොතිබීම කණගාටුවට කරුණකි.

තවද කිසිදු අයුරකින් සංවිධානාත්මක ලෙස මහජනතාව රැස් කරවා නැත.මහින්ද රාජපක්ෂ යනු ජනතාව ආදරය කරන නායකයෙකි.ඔහු පැමිණෙන බව දුටු එතැන සිටි ජනතාව ඔහුට ආචාර කිරීමටත් ඔහු දැක බලා ගැනීමටත් පැමිණි අතර ඒ පැමිණි පිරිසට අග්‍රාමාත්‍යවරයා කතා බහ කර යෑමට අමතක නොකලේය.

මෙය ජාතික ජන බලවේගයේ නාමල් කරුණාරත්නට අරුම පුදුම දෙයක් වන්නට ඇත්තේ ඔහු නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයට මෙවැනි ජන ආකාර්ශනයක් නොමැති නිසා බව මෙහිදී ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

අග්‍රාමාත්‍යවරයා නිකවැරටියේ සිට කෙලින්ම පැමිණෙන්නේ කුරුණෑගලටය.නාමල් කරුණාරත්න පවසන ආකාරයට කොබෙයිගනේ පාසල වෙත අග්‍රාමාත්‍යවරයා පැමිණියේ නැත.එසේ එනවානම් කොබෙයිගනෙන් පාදෙනිය පාරට හැරී යා යුතුය.නමුත් අග්‍රාමාත්‍යවරයා කිසිදු අවස්ථාවක කොබෙයිගනෙන් හැරී පාදෙනිය පාරට පැමිණියේ නැත.

නාමල් කරුණාරත්න විසින් මැතිවරණ නීතිය හා ඡන්දය භාවිතා කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කලා යැයි පවසා ඇත.මැතිවරණ නීතී බරපතල ලෙස උල්ලංඝනය කිරිමේ ඉතිහාසයක් ඇත්තේ ඔබ පක්ෂයට බවත් 1987/1989 භීෂණ සමයේ පලමුවැනි ඡන්දය ලබා දීමට පැමිණි පුද්ගලයින්ව අමු අමුවේ වෙඩි තබා මරා දැමුවේ ඔබේ පක්ෂය බවත් මෙහිදී මතක් කර දීමට කැමැත්තෙමි.

අවසාන වශයෙන් ප්‍රකාශ කල යුත්තේ අග්‍රාමාත්‍යවරයා විසින් කිසිදු ආකාරයකින් තමාට මෙහිදි ඡන්දය ලබා දෙන බවට ඉල්ලීම් කර නැත.එමෙන්ම සංවිධානාත්මක ලෙස පිරිස් සංවිධානය කරද නැත.ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම හා මැතිවරණ නීති ආරක්ෂා ගැන ජාතික ජන බලවේගය අමුතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට ඉගැන්විය යුතු නැත.තුණ්ඩු කෑල්ලෙන් රටක් භීෂණයට පත් කර ඡන්දදායකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය හැදුනුම්පත් පවා සොරාගත් පක්ෂයක සාමාජිකයෙකු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම හාස්‍යජනකය.

දැනටමත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටින ඔබ වැනි අය පරාජයේ නිරුවත වසා ගැනීම සදහා මෙවැනි සාවද්‍ය ප්‍රකාශ නිකුත් නොකර ජනතා ආකර්ෂණයක් ඇති අග්‍රාමාත්‍යවරයාට සාවද්‍ය චෝදනා ඉදිරිපත් නොකර සිල්ලර දේශපාලනය නොකරන ලෙසටද ප්‍රකාශ කර සිටිමි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු
කුරුණෑගල දිස්ත්‍රික් නායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.