Aug 28

පහළම ශ්‍රේණියේ නිළධාරියෙකුගේ එක යෝජනාවකින් අමාත්‍යාංශයක සම්පූර්ණ ගමන් මග වෙනස් වෙයි..


සියලු අමාත්‍යාංශයන්හී ඉදිරි සංවර්ධන සැලැස්ම මසක් තුළ ජනාධිපතිතුමාට ඉදිරිපත් කල යුතු ඇතැයිද, ඒ සඳහා සියලුම සේවකයන්ගේ අදහස් හා යෝජනා අවධානයට ගන්නා බවද, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.

තම අමාත්‍යාංශයේ ඉදිරි දිශානතිය වෙනස් කල හැකි සාධණීය යෝජනා සියලු දෙනාට ලබා දිය හැකි බවත්, අත්දැකීම් හා පළපුරුද්ද මත ලබා දෙන ඵලදායි යෝජනා ක්‍රියාවට නංවන බවත්, චානක මහතා පවසයි. මෙහිදී නිළධාරියාගේ තනතුර, ශ්‍රේණිය හෝ උගත්කම අදාල යෝජනා බවත් යෝජනා ඵලදායි නම් එය ප්‍රමාණවත් බවද හෙතෙම පැවසීය.

සිය අමාත්‍යාංශයේ සියලු නිළාධාරීන් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ඵළ කලේය.

ජනාධිපතිතුමා මෙවර අමාත්‍යාංශ වෙන් කිරීමේදී කිසිවෙකුටවත් කාර්‍යභාරය සහ වගකීමෙන් මග හැරිය නොහැකි ලෙස විෂය පතයන් සහ වැය ශීර්ශ නිවැරදිව ලබා දී තිබෙනවා. අවශ්‍ය කාර්යමණ්ඩලයද නොඅඩුව සපුරා තිබෙනවා.

ලැබෙන වගකීම නිසි අයුරින් ඉටු කල නොහැකි වීම තමාගේ දුර්වලකම විනා ක්‍රමයේ වැරැද්දැක් හෝ නායකත්වයේ අඩුවක් නොවන බවත්, අමාත්‍යාංශයට අයත් සියලු නිළධාරීන් සාමූහිකව අපේක්ෂිත ඉලක්ක කරා යා යුතුව ඇති බව චානක මහතා පෙන්වා දුන්නේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැනි කැබිනට් අමාත්‍යවරයෙකු ලැබීම තමාගේ භාග්‍යක් බවත් එය තම සේවයට පහසුවක් බවද පැවසීය. ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෞභාග්‍යමත් රටක් කරා ගමන් කිරීමේදී තම අමාත්‍යාංශය ප්‍රමුඛව කටයුතු කරන බවද ඔහු පැවසී‌ය.

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය, වැය ශීර්ෂ සහ විෂය පතය මෙවර පැහැදිලිව ලබා දී ඇත. මසකට වරක් සියලු රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිතුමා මුණ ගැසේ. පවතින ගැටලු නිරාකරණය කරගනිමින් කඩිනම් සංවර්ධනයක් කරා අමාත්‍යාංශය මෙහෙය වීමට අප සියලු දෙනා අදිටන් කරගත යුතුයි.

මෙහිදී සංචාරක අමාත්‍යාංශයේ ජී හෙට්ටිආරච්චි, ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ලේකම් මාධව දේවසුරේන්ද්‍ර යන මහත්වරුද අදහස් ප්‍රකාශ කලේය.

– සුජිත් කොඩිතුවක්කු
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.