Aug 24

සිංහරාජයේ මගේ හෝටලය පෙන්වනු.. නැතොත් සතියක් ඇතුලත කෝටි 50ක් වන්දි ගෙවනු..- යෝෂිත නඩු මගට..


සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලදැයි කියන අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මගින් පරිසරවේදී සජීව චාමිකර මහතා ගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

ඒ සජීව චාමිකර මහතා විසින් පසුගිය දහනවවන දා මාධ්‍ය හමුවක් පවත්වමින් යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් ප්‍රතික්ෂේප කරමින් එම ප්‍රකාශය මඟින් සිදුවන අපහාසයට වන්දි මුදලක් ලෙසයි.

යෝෂිත රාජපක්ෂ මහතාට අයත් මහා පරිමාණ හෝටලයක් සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව පවතින බවට පරිසරවේදී සජීව චාමිකර මහතා කරන ලද ප්‍රකාශය අපහාසාත්මක ප්‍රකාශයක් බවත් ඔහුට එවැනි හෝටලයක් අයත්ව නොමැති බවත් අදාළ නීති සමාගම විසින් සිය ලිපිය මගින් දන්වා තිබේ.

ඔවුන් පවසන්නේ එම ප්‍රකාශයේ දී, තම සේවාදායකයාගේ හොඳ නම, කීර්තිය සහ සමාජ ස්ථාවරය අපකීර්තියට පත් කිරීම හා ඒ සඳහා ගණනය කර ඇති පැහැදිලි  පදනම් විරහිත ව්‍යාජ ප්‍රබන්ධ චෝදනා සජීව චාමිකර මහතා විසින් ඉදිරිපත් කර ඇති බවයි.

යෝෂිත රාජපක්ෂ මහතාට ඉහත විස්තර කර ඇති ප්‍රදේශයට ආසන්නයේ කිසිදු හෝටලයක් නොමැති බවත් අදාළ පුවත්පත් සාකච්ඡාව මගින් තම සේවාදායකයාට එරෙහිව අසත්‍ය හා ද්වේෂ සහගත චෝදනා ප්‍රකාශයට පත් කිරීම හෝ බෙදා හැරීම මගින් සිය සේවාදායකයා අසාධාරණ හා පදනම් විරහිත විවේචනවලට හා පදනම් විරහිත අභිලාෂයන්ට ලක්ව ඇති බව සඳහන් කර ඇත.

එම ප්‍රකාශය පිළිබඳ සිය සේවාදායකයාගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින ලෙසත් එම අපහාසාත්මක ප්‍රකාශය ප්‍රකාශයට පත් කළ සහ ප්‍රචාරය කළ සියලුම මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය වේදිකා සහ වෙබ් අඩවි වෙත ඒ බව වහාම දැනුම් දෙන ලෙස හෝ උපදෙස් දෙන ලෙසත් රෝහිත රාජපක්ෂ මහතාගේ නීතිඥයන් අදාළ දැනුම් දීම මගින් අපි ඉල්ලා ඇත.

එමෙන්ම,

  1. මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පිළිගනිමින් තමා‌ගෙන් සමාව ගැනීම
  2. මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි මෙම අසත්‍ය පුවත පළ කර ඇත්නම් එය ඉන් ඉවත් කරන ලෙස අදාළ ආයතන හෝ පාර්ශවයන් දැනුම්වත් කිරීම හා අදාළ පුවත ඉවත් කිරීමට කටයුතු කිරීම
  3. අදාළ ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මාධ්‍ය නිවේදනයක් මඟින් මාධ්‍ය වෙත දැනුම්වත් කිරීම
  4. යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නැවත පදනම් විරහිත චෝදනා සිදු නොකරන බවට ප්‍රකාශ කිරීම
  5. දින 07ත් ඇතුළත් කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම

යනාදී කරුණු ඇතුළත් එන්තර වාසිය සේවා දායක නීතීඥ සමාගම විසින් අද 2020.08.24 දින පරිසරවේදී සජීව චාමිකර මහතා වෙත යොමු කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.