Aug 19

ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට අගමැතිගේ මාධ්‍ය ලේකම් තනතුරට


අගමැති මහින්ද රාජපක්ෂගේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා ලෙස ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට පත් කර තිබේ.

ස්වාධීන රූපවාහිනියේ වැඩ සටහන් කළමණාකාර හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කළ රොහාන් වැලිවිට 2000 දී ඉන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ධීවර ඇමැතිවරයාව සිටියදී ඔහුගේ මාධ්‍ය උපදේශක ලෙස පත් විය.

ඉන්පසු මහින්ද විපක්ෂ නායක ලෙස කටයුතු කරද්දී ඔහුගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කෙළේය. 2004 දී මහින්ද ප්‍රථම වරට අගමැතිධූරයට පත් වූ විට ඔහුගේ මාධ්‍යලේකම් වූයේ ද වැලිවිට ය. පසුව මහින්ද 2005 දී ජනාධිපති වූ පසු 2005 සිට 2015 දක්වා මුළු කාලය පුරා වැලිවිට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළේය. 2018 දින 52 කාලය තුල දී ද අගමැති මහින්ද ගේ මාධ්‍ය ලේකම් වූයේ රොහාන් වැලිවිට ය.

1978 දී පාසැල් වියේ දීම 'ටොම් සෝයර්' නමින් ප්‍රසිද්ධ වේදිකාවට නාට්‍යයක් නිෂ්පාදනය කරමින් කරළියට ආ රොහාන් වැලිවිට තම ප්‍රථම වේදිකා නාට්‍යයටම සම්මාන හිමි කර ගත්තේ ය. ලංකාවට රූපවාහිනී මාධ්‍ය පැමිණි පසුව ලංකාවේ ප්‍රථම වරට පුද්ගලික ටෙලි නිෂ්පාදන ආයතනයක් ලෙස ‘ෆයින් විෂන්’ ආයතනය ආරම්භ කෙළේ රොහාන් වැලිවිට ඔහුගේ පියා සමග ය.

රුපවාහිනී මාධ්‍ය සදහා ශ්‍රී ලංකාවේ පිරිනමන ලද පළමු සම්මානය දිනා ගත්තේ ද රොහාන් වැලිවිට ය. ඒ 1983 වසරේ දි ය. ලංකාවේ ප්‍රථම ත්‍රිමාන චිත්‍රපටය නිර්මාණය කළේ ද රොහාන් වැලිවිට ය. නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට රැසක අධ්‍යක්ෂකවරයෙක් වන රොහාන් වැලිවිට ග්‍රන්ථ කිහිපයක කතුවරයාද වෙයි. ඔහු රූපවාහිනී මාධ්‍යය විෂයෙහි නිර්මාණාත්මක මෙන්ම තාක්ෂණික අංශ ද්වයෙහිම ප්‍රාමාණික විද්වතෙකි.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක් වන රොහාන් වැලිවිට නැසී ගිය ප්‍රවීන පුවත්පත් කලාවේදියෙක් වූ ඇල්බට් වැලිවිට ගේ දෙටු පුත්‍රයා ය.

රොහාන් වැලිවිට මාධ්‍යවේදීන් අතර ‘හිත හොඳ මිනිහෙක්’ ලෙස ප්‍රකට ය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.