Aug 10

අලි සබ්රි අධිකරණ ඇමති වුනොත් රටට හොදයි..- දෙරණ සභාපති පවසයි


ජනාධිපති නීතිඥ මොහොමඩ් අලී සබ්රි මහතා මෙරට අධිකරණ ඇමතිවරයා බවට පත් වුවහොත් මෙරටට යහපතක් සිදු වුනු ඇතැයි දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

අලි සබ්රි දශක තුනක් තිස්සේ මගේ සමීපතම මිතුරෙක්. මගේ “විශ්වවිද්‍යාල දේශපාලන ජීවිතයේ” දී හමුවූ ඔහු අදටත් එදා මෙන් ම එකම මතයක ඉදන් කටයුතු කරන කෙනෙක්.

වර්තමාන ජනාධිපති තුමාට ඔහුව හඳුන්වා දුන්නේත් මමයි. ඒ ඔහු පිළිබඳව මා තුළ තියන අසීමිත විශ්වාසය නිසා.

ඒ වකවානුවේ ඔහු එවකට ආරක්ෂක ලේකම් තුමාට මිග් ගනුදෙනුව මුවාවෙන් The Sunday leader පුවත්පත පළ කළ අපහාසාත්මක ලිපියට එරෙහිව නඩු දැමීම සඳහා ඔහු සම්බන්ධ කර වූවා.

එදා ඉඳන්ම ඔහු අපේ ජනාධිපතිතුමා එරෙහි ව දැමූ හැම නඩුවකට නොමිලේ පෙනී හිටියා විතරක් නෙමේ ජනාධිපතිතුමා ආරක්ෂා කළා. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නැතුව ජනාධිපතිතුමා ළඟ කවුරුත් හිටපු නැති වෙලාවක එතුමා මුදල් ශ්‍රමය ධනය ජනාධිපතිතුමා වෙනුවෙන් වැය කළා.

ඔහු තම ආගමික විශ්වාස අනුව ජීවත්වෙන දියුණු ශ්‍රී ලාංකිකයෙක්. ජාතික ලැයිස්තුවෙන් ඔහුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට මමද ඇතුළුව ජාතික සංවිධාන රැසක් කටයුතු කළා. ඒ ඔහු අපිට විශ්වාසය තැබිය හැකියි මුස්ලිම් ජාතිකයෙක් විතරක් නෙමෙයි උගතෙක් නිසා.

ලංකාවේ ඉහලම පෙලේ ජනාධිපති නීතිඥයෙක් විදියට කටයුතු කරන ඔහු පාර්ලිමේන්තුවට ආවම ඔහුට ඒ වෘත්තියේ නිරත වෙන්න නොහැකි වීම නිසා මූල්‍යමය වශයෙන් පවා පාඩුවක් වෙනවා. ඔහු ඒ සියල්ල අහිමි කරගනිමින් රට වෙනුවෙන් සේවය කරන්නයි පෙරට එන්නේ.

ඔහු ජාතිකවාදය පිළිගන්නා අතරම, මුස්ලිම් ජනතාවත් ජාතිකවාදී ව්‍යාපාරයට ගෙන ඒමට අනාගතයේ නායකත්වය දරා වී.

Inclusive Nationalism මතවාදයත් එක්ක ඔහු අධිකරණ ඇමති ධූරය ලබා ගත්තොත් මේ රටට යහපතක් සිදු වේවි.

– dilith jayaweera FB
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.