Jul
09
වැලිකඩ තවත් PCR පරීක්ෂණ වාර්තා නිකුත් වෙයි
PCR පරීක්ෂණ සිදුකළ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් ඇතුළු නිලධාරීන් 315 දෙනාගෙන් කිසිවෙකුටත් නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ අදාළ PCR පරීක්ෂණ ඉකුත් 07 වැනිදා සහ ඊයේ (08) දිනයේදී සිදුකළ බවයි.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉකුත් 07 වැනිදා අනාවරණ වුණා. ඉන් අනතුරුවයි වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සහ නිලධාරීන් මෙලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණේ.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 238 දෙනෙකු ද නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ යොමු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළා.
එම පිරිස කොරෝනා වෛරසය ආසාදනය වූ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා සමග සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ සහ ඔවුන් සමග සිටි පිරිසක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
ඉකුත් 07 වැනිදා ද පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැඳවියන් 204 දෙනෙකු යොමුකළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියා.
රාජගිරිය ආයුර්වේද රෝහලට ද බන්ධනාගාර නිලධාරීන් 09 දෙනෙකු යොමුකළේ නිරෝධනය සඳහායි.
ඒ අනුව මේවනවිට බන්ධනාගාර නිලධාරීන් ද ඇතුළුව 451 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
Source - නෙත් News