Jul
09
හිටපු ඇමතිවරියකගේ සහෝදරයෙකුට අයත් බව කියන රථයක ගැටී අයෙක් මරුට
යාපනය,නල්ලූර් ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක් වු සින්නදුරෙයි කුගේන්ද්රයන් නමැති අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
යාපනය ප්‍රදේශවාසීන් පැවසූවේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍ය විජයකලා මහේශ්වරන්ගේ සහෝදරයෙකුට අයත් යැයි පැවසෙන වාහනයක අදාළ පුද්ගලයා ගැටී ඇති බවයි.
සිදුවීම සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
මාධව කුලසුරිය
Source - නෙත් News