Jul
31
සුළු පියාගේ ලොකු පුතාගෙන් අතවරවලට ලක්වූ 6 හැවිරිදි දැරිය
තම මවගේ දෙවැනි සැමියාගේ (සුළු පියාගේ) ලොකු පුතා වෙතින් කලක් තිස්සේ ලිංගික අතවරවලට ලක්වූ හය හැවිරිදි දැරියගේ රැකවරණය සඳහා දැරියගේ මිත්තනිය වෙත දැරිය භාරදීමට මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය නියෝග කළාය.
කටාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පො.සැ. (1562) එස්. ජයවර්ධන මහත්මිය විසින් අධිකරණය වෙත ගොනු කළ පැමිණිල්ල අනුව මෙම සිද්ධියෙන් බරපතළ ලිංගික අතවරවලට ලක්වූ බව කියන 6 හැවිරිදි දැරිය කටාන පොලිස් වසමට අයත් වේ. දැරියගේ පියා මව අත්හැර යෑමෙන් අනතුරුව තවත් පුද්ගලයකු සමග මව සරණ ගොස් ඇත. මව හා සරණ ගිය පුද්ගලයාට ඔහුගේ පළමු විවාහයෙන් ලද පුතෙකු සිටී. ඔහු අපොස (උසස් පෙළ) විභාගයට පෙනී සිටි අයෙකි. ඔහු නිතර නිතර දැරියගේ නිවසට පැමිණෙයි. පසුව ඔහු බලෙන් කුඩා දැරිය ලිංගික අපයෝජනයට ගොදුරුකර ගෙන ඇත. ඒ සඳහා දැරිය විවිධ වධ බන්ධනවලට ලක්කර ඇත.
මෙම දුක්ඛිත තත්ත්වය පිළිබඳ ප‍්‍රදේශවාසීහු පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ (119) දැනුවත් කර ඇත. ඒ පිළිබඳ පුළුල් පරීක්‍ෂණ පැවැත්වූ කටාන පොලිසිය මෙම සිද්ධියේ සැකකරු වන 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.
දැරිය වෛi පරීක්‍ෂණයට රෝහල් ගත කර ඇත. වෛi පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ දැරිය ලිංගික අතවරවලට ලක්ව ඇති බවය. මෙම නඩුව අධිකරණය හමුවට කැඳවූ අවස්ථාවේ කටාන පොලිසිය විසින් දැරිය අධිකරණය හමුවට පැමිණවූ අවස්ථාවේ දැරියගේ භාරකාරත්වය ලබාගෙන ඇයට රැුකවරණ ලබාදීමට දැරියගේ මිත්තනිය එකඟ විය. ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය බැඳුම්කරයක් මත දැරිය මිත්තනියට භාරදීමට නියෝග කළාය. කටාන පොලිසියේ සැරයන් (1562) එස්. ජයවර්ධන මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය.
විමල් කීර්ති - දිවයින