Jul 14

මැතිවරණය පවත්වන්න අසීරු බව මැකො කියයි..


මැතිවරණයට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේස ගැසට් නොකරන්නේ නම් මැතිවරණය මැවත්වීමට ඉතා අසීරු බවට මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

වන්නි දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී මැතිවරණය සමබන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මැතිවරණ කොමිෂමේ සභාපති වරයා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පවසා සිටියේ,

‘ඡන්දය විමසීමේදී අනුගමනය කල යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳ මාර්ගෝපදේශක පිළිබඳව නොපමාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙසට නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා එසේ නොකලහොත් මැතිවරණය පැවත්වීම ඉතාමත් අසීරු වෙනවා මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රචාරය නොකොට මුඛ ආවාරණ පළඳින්න, අත්සෝදන්න මීටරයේ දුරින් ඉන්න කියා ජනතාවට ප්‍රකාශ කිරීම ඵලක් නැහැ එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය දෙයක්.

‘ඒ වගේම තමයි මේ වෙනකොට රාජාංගනයේ තැපල්ඡන්ද කල් දමන්න සිදුවෙලා තියෙනවා එසේ සිදු කලේ රාජාංගනයේ රජයේ කාර්යාල නිරෝධායනයට යටත් කොට තිබීම හේතුවෙන් ඒ නිසා අපට අපහසුයි එය කලමනාකරනය කරගන්න අනෙක් කාරණාව තමයි ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ට නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමටත් එම ජනතාවට සේවය සැපයීමටත් සිදුව තිබෙනවා ඒ නිසා අපට ඔවුන්ගේ තැපල් ඡන්ද භාවිතය කලමනාකරනය කරගන්න අපහසුයි එයින් වෙනත් රජයේ කාර්යාල, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තැපල් ඡන්දය විමසනවාද කියා කලමනාකරනය කරගන්නත් අපහසුයිමේ ගැටලු හේතුවෙන් තමයි රාජාංගනයේ තැපල් ඡන්දය කල් දැමීමට සිදු වුනේ දින 14 ක් ගියහම ආරක්ෂාව තහවුරු වුනහම රාජාංගනයේ තැපල් ඡන්දය පැවත්වීමට හැකි වෙනවා.

‘අවසාන වශයෙන් කොරෝණා වයිරසයේ දෙවන රැල්ලක ව්‍යාපතියක අවධානමක් ගැන අප විශ්වාස කරන්නැහැ අවධානම වලක්වා ගැනීමට අපි අවශ්‍ය පියවර කරගෙන යනවා ඒ නිසා මැතිවරණය පවත්වාගෙන යාමට බාධාවක් නොවේ කියා අප සිතනවා සෞඛ්‍ය උපදෙස් හා සමාජ දුරස්තභාවය පිළිපැදීමෙන් අපට පුලුවන් අවධානම තුරන් කරගන්න.

අපි ජනතාවගෙන් වගේම දේශපාලඥයින්ගෙනුත් ඉල්ලා සිටින්නේ මේ අවධානම තුරන් කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව ක්‍රියාකරන්න කියලයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.