Jul 12

සමාජ ශාලා ‘මතින්’ අහිංසකයකු බලෙන් දවාගත් කුසල්ගේ ‘යෑම’


කුසල් මෙන්ඩිස් මෙරට ප‍්‍රසිද්ධ යෞවන වියේ පසුවන කි‍්‍රකට් ක‍්‍රීඩකයෙකි. තම පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබා ගැනීමට ඔහු සමත් විය. ඒ දක්ෂතාව නිසාම කුසල් මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේද ප‍්‍රසිද්ධ ක‍්‍රීඩකයකු බවට පත් විය. කලක් යද්දී විදෙස් රටවල ප‍්‍රවීණ විස්තර විචාරකයෝ පවා කුසල් මෙන්ඩිස්ව ජෝ රූට්, විරාත් කෝලී සහ ස්ටිව් ස්මිත් වැනි දැවැන්ත කි‍්‍රකට් චරිතවලට සම කළහ. එම නිසා මෙරට ක‍්‍රිකට් බලධාරීන් සහ පේ‍්‍රක්ෂකයෝ කඩා වැටුණු ක‍්‍රිකට් යළි ගොඩ දැමීමට කුසල්ට ලොකු දෙයක් කළ හැකි බවට විශ්වාස කළහ.

කලක් එලෙස ගතවිය. කුසල් මෙන්ඩිස්ගේ දක්ෂතා එන්න එන්නම අඩුවිය. ඔහු බින්දුවට දැවී ගිය අවස්ථා වැඩි වන්නට පටන් ගත්තේය. ඒ අතර තීරණාත්මක තරග කිහිපයකදී උඩ පන්දු කිහිපයක්ද ඔහු අතින් ගිලිහුණි. ඒ සමගම මෙරට පේ‍්‍රක්ෂකයන්ගේ සිත් වලින් කුසල් මෙන්ඩිස් ගැන තිබූ විශ්වාසය අඩු වන්නට පටන් ගත්තේය. එහි ප‍්‍රතිඵලය වූයේ පේ‍්‍රක්ෂකයෝ ඔහු සමග උරණ වීමයි. එය කොතරම් දුරදිග ගියාද කිවහොත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කුසල්ට දිගට හරහට පහරදෙන්නට පටන් ගත්හ. ඒ අතර තවත් පිරිසක් කුසල්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳවද හාර අවුස්සා විවේචනය කළහ.

කි‍්‍රකට් ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ තත්ත්වය එලෙස වෙද්දී යළි ඔහු ගැන මින්ස්සු කථා කිරීමට පටන් ගත්හ. ඒ පසුගිය 05 වැනිදාය. ඒ රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන්ය. එම සිද්ධිය සැකවින් මෙසේය.

කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප‍්‍රනාන්දු පසුගිය 05 වැනිදා අලූයම 5 ට පමණ මොරටුව ප‍්‍රදේශයේ සිට පානදුර දක්වා සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියහ. එම සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථය හිමිකරු කුසල් මෙන්ඩිස්ය. එම මොහොතේ එය පදවමින් සිටියේද කුසල් මෙන්ඩිස්ය. ඔහු එම මෝටර් රථය අධික වේගයකින් ධාවනය කරමින් සිටියේය. එය මොරටුව පරණ පාරේ හොරේතුඩුව ප‍්‍රදේශයට ළඟා වෙමින් තිබුණි. අලූයම් කාලය නිසා මාර්ගයේද කිසිවෙක් නොසිටියේය.


කුසල් මෙන්ඩිස්ගේ සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථය එලෙස අධික වේගයෙන් ධාවනය වෙද්දී තවත් පුද්ගලයෙක් එම මාර්ගයේ ප‍්‍රතිවිරුද්ධ දෙසින් මොරටුව බලා පැමිණියේය. ඒ පාපැදියකිනි. ඔහු නමින් නෙවිල් පීරිස්ය. නෙවිල් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකි. ඔහු එලෙස අලූයම් කාලයේ නිවසින් පිටවූයේ තම රැකියාවට යෑම සඳහාය.

නෙවිල් දෙදරු පියෙකි. ස්ථිර නිවසක්ද නොමැති ඔහු සිය පවුල සමග ජිවත්වූයේ ලෑලිවලින් තැනු ඉතා කුඩා පැල්පතකයි. අගහිඟකම් වලින් පිරුණත් ඔහු බිරිඳට සහ ළමයින්ට හැකි උපරිම අයුරින් සැලකුවේය. මුදල් නොමැති වුවත් එම අසරණ පවුල සතුටින් කල්ගත කළහ.

නෙවිල් මාර්ගයේ නිවැරදි මංතීරුවේ ගමන් කරමින් සිටියේය. ඒ සමගම ප‍්‍රති විරුද්ධ දිශාවේ සිට පැමිණි වාහනයක් තමන් දෙසට පැමිණෙනවා ඔහු දුටුවේය. නෙවිල්ට මතක එපමණකි. කුසල්ට පාලනය කරගත නොහැකි වූ ඔහුගේ සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථය එක්වරම දකුණු මංතීරුව වෙත ඇදී ගියේය. ඒ සමගම ඔහුගේ මෝටර් රථය යම්කිසි පුද්ගලයකුගේ ගැටුණ බව ඔහුට සහ අවිශ්කට දැණුනි. ඒ සමගම දෙදෙනා තුෂ්ණිම්භූත විය. ඔවුනට කරන්නේ කුමක්ද කියා සිතා ගැනීමට නොහැකි වූහ.

‘‘කරන්න දෙයක් නැහැ කාව හරි වාහනයේ වැදුණා අපි මාරුවෙමු. වැදුණ වැදිල්ලට මිනිහා ඉතිරිවෙන එකක් නැහැ. වෙන දෙයක් පස්සේ බලා ගමු.’’ කුසල් අවිශ්කට එලෙස පැවසුවේය. ඒ අනුව අවිශ්කත් එය පිළිගත්තේය. සිතක් පපුවක් නොමැති තිරිසන් සතුන් දෙන්නෙක් මෙන් මොවුන් දෙදෙනා තම මෝටර් රථයට හැපුණු එම පුද්ගලයාව අතහැර දමා පලා ගියහ.

කුසල් අතින් අනතුරට ලක්වී බරපතළ තුවාල ලැබූ නෙවිල් ජීවිතයත් මරණයත් අතරත් සටනක නිරත විය. ඔහුගේ උදව්වට පළමුව ළඟට පැමිණියේ ඉබාගාගේ ඇවිදිමින් සිටි සුනඛයන් දෙදෙනෙක් පමණි. එලෙස පැමිණි එම සුනඛයන් දෙදෙනා උඩු බුරමින් කෑගැසුවේය. ඔවුන්ට කළ හැකිවූයේ එපමණකි. පැය කාලකට පසු පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් වහාම නෙවිල්ව පානදුර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. ඒ වනවිටත් ඔහු අවසන් හුස්ම බිඳත් වාතලයට මුසුකර අවසානය.

අනතුර සිදුවී පැය කිහිපයකට පසු මාධ්‍ය ඔස්සේ මෙම අනතුර පිළිබඳව සියල්ලෝම පාහේ දැන ගත්හ. කුසල් මෙන්ඩිස් වැරදි දිශාවෙන් වාහනය ධාවනය කර අනතුර සිදුකර ඔවුන් පලා යනවිට සුනඛයන් දෙදෙනෙක් එම ස්ථානයට පැමිණෙන අයුරුත් පැහැදිලිව සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණි.

රිය අනතුර සිදුකර පලා ගිය කුසල් මෙන්ඩිස් අනතුර සිදුකර පැය කිහිපයක් ගතවූ පසු කෙසෙල්වත්ත පොලිසියට භාරවිය. පොලිසිය පරීක්ෂණ පවත්වා කුසල් මෙන්ඩිස්ව අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ වෛද්‍ය වාර්තාවද නොමැතිවයි. අධිකරණයට ඔවුන් පවසා සිටියේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නොමැති බවයි. ඒ අනුව කුසල් මෙන්ඩිස්ට රැපියල් ලක්ෂ විස්සේ ශරීර ඇප දෙකක් සහිතව ඇප ලබා දුන්නේය. එයට අමතරව මියගිය පුද්ගලයාට රැපියල් ලක්ෂ දහයක් ගෙවීමටද කුසල් මෙන්ඩිස් පොරොන්දු විය.

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ ප‍්‍රභූ පිරිස් පැමිණ කුසල් මෙන්ඩිස් වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුව බේරා ගත්හ. එහෙත් මිය ගිය නෙවිල් ගැන සොයා බැලීමට එම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ ප‍්‍රභූ පිරිස් පැමිණියේ නැත.

මියගිය නෙවිල්ගේ මිනිය තියා ගැනීමටවත් එම නිවසේ ඉඩ නොතිබුණි. එම නිසා මිනිය තැබුවේ අසල නිවසකයි. කුසල් මෙන්ඩිස්ගේ පාර්ශවයෙන් ආදාහන උත්සවය සිදු කිරීම සඳහා රැපියල් ලක්ෂ දෙකක ලබාදී තිබුණි.

කුසල් මෙන්ඩිස් අතින් එම අනතුර සිදුවූයේ නින්දයෑම නිසාවෙන් බව හැඟවීමට ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ ප‍්‍රභූ පිරිස් සමහර මාධ්‍ය ඔස්සේ විශාල උත්සාහයක නිරත වූහ. ඔහුන්ගේ එම උත්සාහය යම් තාක් දුරට සාර්ථක වූහ. එහෙත් වැඩිදුර පොලිස් පරීක්ෂණවලදි හෙළිවූයේ මෙවැනි කථාවකි. මධ්‍යවල පළ නොවූ එම කථාව සැකවින් මෙසේය.

අනතුර සිදුවූ දින කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප‍්‍රනාන්දු පැමිණ ඇත්තේ වැල්ලවත්තේ රාත‍්‍රී සමාජ ශාලාවක සිටයි. ඔවුන් එම රාත‍්‍රී සමාජ ශාලාවට පැමිණ ඇත්තේ පසුදින රාත‍්‍රී දහයට පමණි. තරුණියන් පිරිසක් සමග විනෝද වෙමින් මෙම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනා එලිවෙතුරු මත්පැන් පානය කර ඇති බවටද අනාවරණය වී තිබේ.

එම සාදය අවසන් වී තිබුණේ පාන්දර 4. 30 ට පමණි. ඉන්පසු එම රාත‍්‍රී සමාජ ශාලාවෙන් එළියට පැමිණෙන ඔවුන් දෙදෙනා මෝටර් රථයට ගොඩවී ඇත්තේ මාර්ගයේ සිට දුම්වැටි දෙකක්ද පානය කරමින්ය. එලෙස බීමතින් පැමිණි නිසා මෙම අනතුර සිදුවූ බවට පැහැදිලිවම සාක්ෂි තිබේ. එහෙත් ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණු බලපෑම් නිසා මෙම පරීක්ෂණ නිසියාකාරව සිදු නොවන බවට ඇතැමුන් චෝදනා කරති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එලෙස පරීක්ෂණ සිදුවෙනවානම් එය ඉතාම වැරදි දෙයකි. ඒ මන්ද යත් රටේ සියලූම පුරවැසියන්ට නීතිය එකසේ ක‍්‍රියාත්මක කළ යුතුය. එසේ නොවුණහොත් මෙය ප‍්‍රජාතන්තවාදී රටක් නොවනු ඇත. වගකිව යුතු නිලධාරිනි තරාතිරම නොබලා නිවැරදි ලෙස පරීක්ෂණ සිදු කරන්න. එය එසේ සිදුවුවහොත් මියගිය නෙවිල්ට කරන සාධාරණයක් වනු ඇත.

තවද අපේ ක‍්‍රිකට් කණ්ඩායමට පෙර පරිදි දක්ෂතා අතරට පැමිණිය නොහැක්කේ සමහර ක‍්‍රීඩකයන්ගේ මෙවැනි ක‍්‍රියාකාරකම් නිසාද යන්න විශාල සැකයක් පැන නගී.

පාඨක රුචිය ඇතිවන පරිදි මෙම ලිපියේ ඇතැම් තැන් අති නිර්මාණය කරන ලදී.

උපුටාගැනීම - ගයාන් සමරසිංහ (දිවයින පුවත්පත)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.