Jul 10

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිවාඩු ගිය උපදේශකයන් 08ක් යළි කැඳවයි


නාත්තන්ඩිය - කොට්රාමුල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත 27 හැවිරිදි තරුණියගේ මව, පියා ඇතුළු ආශ්‍රිත පවුල් 10 ක පිරිස් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

අදාළ තරුණිය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන අයෙක් වන අතර, ඇය නිවාඩු ලබා නිවසට පැමිණ ඇත්තේ පසුගිය 28 වැනිදායී.

නිවසට පැමිණීමේදී ඇය පොදු ප්‍රවාහන සේවා භාවිත කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

නිවසට පැමිණීමෙන් පසු ඇය උණ, කැස්ස වැනි රෝග ලක්ෂණ හේතුවෙන් නිවස ආසන්නයේ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, එහිදී අදාළ රෝග ලක්ෂණ ඇය වෙතින් පහව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 56 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ නිවාඩු ලබා ගොස් සිටි එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ පිරිස්ද පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කර තිබෙනවා.

ඒ අනුව නාත්තන්ඩිය - කොට්රාමුල්ල ප්‍රදේශයේ අදාළ තරුණියට කොරෝනා ආසාදිත බව ඊයේ තහවුරු වුණා.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ කොරෝනා වෛරසය සමාජයට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගත යුතු සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය අධිකරණ අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා පමණක් ක්‍රියාත්මක වන මධ්‍යස්ථානයක් බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ.

අක්කර 70 ක පමණ ප්‍රදේශයක ව්‍යාප්ත වී පවතින කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 472 දෙනෙකු සිටින අතර, නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 204 දෙනෙකු එහි සේවය කරනවා.

පසුගිය මාසයේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර වෛරසය ආසාදිත නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසු පුනරුත්ථාපනය සඳහා මෙම මධ්‍යස්ථානය වෙත යොමුකර තිබුණා.

ඔවුන්ගෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි අදාළ පිරිසට මෙම වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

ඊයේ දිනයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු මධ්‍යස්ථානයෙන් වාර්තා වූ ආසාදිතයින් 57 දෙනාට අමතරව තවත් ආසාදිතයින් 03 දෙනෙකු වාර්තා වුණා.

ඔවුන් අතර නාවික හමුදා සාමාජිකයෙක්, බංග්ලාදේශයේ සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2154 ක් වන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 164ක්.

සම්පූර්ණයෙන්ම සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1979 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.